Thursday, May 16, 2024
Home » මාලි රාජ්‍යයේ උණුසුම අංශක 48 පනී

මාලි රාජ්‍යයේ උණුසුම අංශක 48 පනී

පාන්-කිරි මිලට වඩා අයිස් කැට මිල ඉහළ ගිහින්

by Gayan Abeykoon
April 30, 2024 1:14 am 0 comment

බට­හිර  අප්‍රි­කානු රටක් වන මාලි රාජ්‍යයේ බොහෝ පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක  48 ඉක්මවා ගොස් ඇතැයි ද, පව­තින තත්ත්වය හේතු­වෙන් දැඩි විදුලි කප්පා­දු­වක්  සිදු කිරී­මට රජ­යට සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදුලි  කප්පා­දුව හේතු­වෙන් ජන­තා­වට සිය පිපා­සය සංසි­ඳුවා ගැනී­මට ශීත කළ ජලය සහ අයිස්  කැට මිල දී ගැනී­මට සිදුවී ඇති බවත්, මේ වන විට එරට වෙළෙ­ඳ­පොළේ පාන් සහ  කිරි­ව­ලට වඩා අයිස් මිල ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය. විදුලි කප්පා­දුව හේතු­වෙන් නිවැ­සි­යන්ට විදුලි පංකා ක්‍රියා­ත්මක කිරී­මට  නොහැ­කි­වී­මෙන් බොහෝ නිවැ­සි­යන්ට එළි­ම­හනේ නිදා ගැනී­මට සිදු වී ඇතැයි ද  වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

අධික උෂ්ණ­ත්ව­යෙන් විජ­ල­න­යට ලක්වීම හේතු­වෙන්  පුද්ග­ල­යන් රැසක් රෝගා­තූර වී රෝහ­ල්ගත කිරි­මට ද සිදු වී ඇති අතර, බොහෝ  ප්‍රදේ­ශ­වල පාසල් වසා දැමී­මට පිය­වර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT