Thursday, May 16, 2024
Home » ලෝක පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී රන් දිනූ ජනනී රිදි­යෙ­නුත් බැබ­ළෙයි

ලෝක පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී රන් දිනූ ජනනී රිදි­යෙ­නුත් බැබ­ළෙයි

ශ්‍රී ලංකාව රන් 2යි: රිදී 3යි: ලෝකඩ 2යි

by Gayan Abeykoon
April 30, 2024 1:14 am 0 comment
රිදී පද­ක්කම දිනා­ගත් ජනනි ධනං­ජ­නාගේ පිම්ම

මොරො­ක්කෝවේ මර­කෙච් ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී මීටර් 100 තත්පර 13.75කින් නිම­කොට රන් පද­ක්ක­මක් දිනා­ගත් 18 හැවි­රිදි ජනනි ධනං­ජනා ඊයේ දුර පැනීමේ ඉස­ව්වෙන් රිදී පද­ක්ක­මක් දිනා ගත්තාය. එක් අතක් අහිමි (T47) කාණ්ඩ­යෙන් දුර පැනීමේ ඉස­ව්වට එක්වූ ජනනි මීටර් 5. 23ක දක්ෂ­තා­ව­කින් මෙම රිදී පද­ක්කම දිනා ගැනී­මට සමත් වූවාය.

ලෝක පද­ක්ක­ම දිනූ කුමුදු ප්‍රියංකා

ලෝක පද­ක්ක­ම දිනූ කුමුදු ප්‍රියංකා

කුලි­යා­පි­ටිය සුරදූත බාලිකා විද්‍යා­ලයේ උසස් පෙළ හදා­රන ජනනි ධනං­ජනා සහ­භාගි වූ ඉසව් දෙකෙන්ම පද­ක්කම් දිනා ගැනී­මට සම­ත්වීම කැපී පෙනුණි. ඇය ශ්‍රී ලංකා­වේදී මෙම ඉසව්ව මීටර් 5. 33ක දක්ෂ­තා­ව­කින් නිම­කොට හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හ­න් කර තිබිණි.

මේ අතර වැළ­මි­ටෙන් පහළ අත් දෙකම අහිමි (T46) කාණ්ඩ­යෙන් දුර පැනී­මේ­ඉ­ස­ව්වට එක්වූ කුමුදු ප්‍රියංකා මීටර් 4. 50ක දක්ෂ­තා­ව­කින් ලෝකඩ පද­ක්ක­මක් දිනා ගත්තාය. ඒ අනුව මෙම තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා නාමය ඉදි­රියේ රන් පද­ක්කම් 2ක්, රිදී පද­ක්කම් 3ක් හා ලෝකඩ පද­ක්කම් 2ක් සට­හන්වී තිබේ. දණ හිසෙන් පහළ ආබා­ධිත (F44) කාණ්ඩ­යෙන් තරග කළ සමිත දුලාන් හෙල්ල විසි­කි­රීමේ ඉසව්ව මීටර් 65. 57කින් නිම­කොට රන් පද­ක්කම දිනා ගත් අතර, වැල­මි­ටෙන් පහළ අතක් අහිමි (T46) කාණ්ඩ­යෙන් මීටර් 1500 තර­ග­යට එක්වූ ප්‍රදීප් සෝම­සිරි මිනිත්තු 4: 04. 23කින් හා පාදයේ ඌන­තා­වක් සහිත (T42) කාණ්ඩ­යෙන් තරග කළ අනිල් ප්‍රසන්න තත්පර 12. 84කින් මීටර් 100 රිදී පද­ක්කම දිනා ගත්හ. එම තරග අංශ­යෙන්ම තරග කළ බුද්ධික ඉන්ද්‍ර­පාල තත්පර 13.34කින් ලෝකඩ පද­ක්කම හිමි­කර ගැනී­මට සමත් විය.

 

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT