Thursday, May 16, 2024
Home » නදින් බාසික් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­කන අතුරු තහ­නම මැයි 29 තෙක් දීර්ඝ කෙරේ

නදින් බාසික් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­කන අතුරු තහ­නම මැයි 29 තෙක් දීර්ඝ කෙරේ

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් මාලි­ගා­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි නදින් බාසික් නමැත්තා අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්ව­මින් නිකුත් කර තිබූ අතුරු තහ­නම් නියෝ­ග­යක් ලබන මැයි මස 29 වැනිදා තෙක් බල­ප­ව­ත්වන පරිදි දීර්ඝ කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (29) තීර­ණය කළේය.

මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්ත­නෝ­ම­තික සහ අසා­ධා­රණ ලෙස තමන්ව අත්අ­ඩං­ගු­වට ගැනීමේ සූදා­න­මක් ඇති බැවින් එය වළ­ක්වන ලෙස ඉල්ලා නදීන් බාසික් නමැත්තා ඉදි­රි­පත් කළ රිට් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී මෙම අතුරු තහ­නම් නියෝ­ගය දීර්ඝ කරන ලදි.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එම්. සම­ර­කෝන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.

එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි රජයේ නීති­ඥ­ව­රිය මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා ගොනු කිරීම සඳහා අව­සර ලබා දෙන ලෙස ඉල්ලා සිටි­යාය.

ඒ අනුව අදාළ විරෝ­ධතා ගොනු කිරීම සඳහා කල් ලබා දීමට විනි­සු­රු­ව­රයා තීර­ණය කළේය.

පෙත්ස­ම්කරු සිය පෙත්ස­මෙහි සඳ­හන් කර ඇත්තේ තමන් මහ­මඟ ගමන් කර­මින් සිටි­යදී සිවිල් ඇඳු­මින් සැරසී යතු­රු­පැ­දි­ව­ලින් පැමිණි පිරි­සක් විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වූ බවය. එම අව­ස්ථා­වේදී තමා පලා ගිය බව පෙත්ස­ම්කරු විසින් සඳ­හන් කර ඇත. අන­තු­රුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් මාලි­ගා­කන්ද අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් අන­තු­රුව තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වන බවට තොර­තුරු ලැබී ඇති බව පෙත්ස­ම්කරු කියයි.

ඒ සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීර­සූ­රිය මහතා ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව පෙත්ස­ම්කරු අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්ව­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් මීට පෙර නිකුත් කරන ලදි.

පොලි­ස්ප­ති­ව­රයා, මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් පිරි­සක් සහ නීති­පති මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

 

නෙල්කා මැද­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT