Thursday, May 16, 2024
Home » සිංග­ප්පූරු ජාති­ක­යාට අයිති ඇඟ­ලුම් සමා­ග­මක ලක්ෂ 54ක කොටස් ඔහුට නොදන්වා විකු­ණලා

සිංග­ප්පූරු ජාති­ක­යාට අයිති ඇඟ­ලුම් සමා­ග­මක ලක්ෂ 54ක කොටස් ඔහුට නොදන්වා විකු­ණලා

විම­ර්ශ­න­යක් ඇරඹූ බව CID කියයි

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

සිංග­ප්පූරු ජාති­ක­ය­කුට අයත් මෙරට පුද්ග­ලික ඇග­ලුම් සමා­ග­මක රුපි­යල් ලක්ෂ පනස් හත­රක් වටිනා කොටස් ඔහුට නොදන්වා විකුණු බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය හා අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදි­රියේ ඊයේ (29) කරුණු වාර්තා කළේය.

‘කෙවි යූවා­යින් යන්ග්“ නමැති මේ සිංග­ප්පූරු ජාති­කයා අදාළ ඇඟ­ලුම් සමා­ගම පව­ත්වා­ගෙන යමින් සිට 2008 වස­රේදී ඔහුගේ රටට ගොස් සිටි­යදී මේ කොටස් විකුණා ඇති බවට සමා­ගමේ කොටස් හිමි වයි. ආර්. ඩබ්ලිව් විජේ­ගු­ණ­ව­ර්ධන නමැ­ත්තෙකු කළ පැමි­ණි­ල්ල­කට අනුව මේ විම­ර්ශ­නය ආරම්භ කළ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

අදාළ සමා­ගමේ හිමි­කරු ශ්‍රි ලංකාවේ නොමැති අව­ස්ථා­වේදී රුපි­යල් 54,166,666ක් වටිනා කොටස් විකුණා වංචා කළ බවට කර­න්නා­ගොඩ,වර­කා­ගොඩ පදිංචි විජේ­ගු­ණ­ව­ර්ධන යන අය කළ පැමි­ණි­ල්ලට අදා­ළව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය හා අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ පොලිස් පරී­ක්ෂක අසේල මහතා විසිනි.

මේ පෞද්ග­ලික ඇඟ­ලුම් සමා­ගම 2005 වස­රේදී ආරම්භ කළ බවත් ඔහු 2008 වස­රේදී සමා­ගම ප්‍රිතිව් සිරාජ් දොරේන් නමැ­ත්තාට භාරදී ඔහුගේ රටට එනම් සිංග­ප්පූ­රු­වට ගොස් ඇති බවත් පැමි­ණි­ලි­කරු සිය පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණ.

මේ සමා­ගමේ කොට­ස්ක­රු­වකු ලෙසින් ද සිටින තමාට මෙන්ම සිංග­ප්පූරු ජාතික හිමි­ක­රුට නොදන්වා අදාළ සමා­ගම භාරදී ගිය තැනැත්තා සියලු කොටස් විකුණා ඇතැයි පැමි­ණි­ලි­කරු සිය පැමි­ණි­ල්ලෙන් දක්වා ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

ඒ අනුව මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා ප්‍රග­තිය වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර­මින් නඩුව බහා තැබීය.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT