Thursday, May 16, 2024
Home » ජන­පති උප­දෙසින් ඇර­ඹුණු ගාසා ළමා අර­මු­ද­ලට දාය­ක­වීම දීර්ඝ කෙරේ

ජන­පති උප­දෙසින් ඇර­ඹුණු ගාසා ළමා අර­මු­ද­ලට දාය­ක­වීම දීර්ඝ කෙරේ

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

ගාසා හි ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අර­මු­ද­ලට (Children of Gaza Fund) දාය­ක­වීමේ අව­ස්ථාව 2024 මැයි 31 වැනි දින දක්වා දීර්ඝ කර ඇත.

පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­වට මෙම අර­මු­දල සඳහා දාය­ක­වී­මට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් 30 වැනි දිනෙන් අව­සන් වීමට නිය­මි­තව තිබුණු ද දිව­යින පුරා ජන­තා­ව­ගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 වැනි දක්වා දීර්ඝ කිරී­මට තීර­ණය කෙරිණි.

‘Children of Gaza Fund’ අර­මු­ද­ලට දායක වන ලෙස මෙරට පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­ව­ගෙන් ජනා­ධි­පති කාර්යා­ලය සිදු කළ ඉල්ලීම පරිදි ජාති, ආගම් භේද­ය­කින් තොරව දිව­යින පුරා ජන­තාව ඒ සමඟ අත්වැල් බැඳ­ගනු ලැබීය.

අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන මෙවර ඉෆ්තාර් සැම­රුම පැවැ­ත්වී­මට වෙන් කර තිබූ ප්‍රති­පා­ද­න­ව­ලින් මෙම අර­මු­ද­ලට ලැබුණු අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක් පළමු අදි­යර යටතේ පසු­ගි­යදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­ත­නය හරහා පල­ස්තීන රජය වෙත භාර දුන් අතර ඉතිරි පරි­ත්‍යාග ද ඉදි­රියේ දී නිල වශ­යෙන් පල­ස්තීන රජය වෙත භාර­දී­මට නිය­මි­තය.

2024 මැයි 31 වැනි දක්වා පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­වට මෙම අර­මු­දල වෙත තව­දු­ර­ටත් දායක වීමට අව­ස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දාය­ක­වී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලින් වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් මැයි 31 වැනි දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසි­ට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

මේ අතර, ගාසා තීරයේ වෙසෙන දරු­වන් වෙනු­වෙන් අවශ්‍ය සහන සැල­සීම සඳහා ශ්‍රී ලංකාව පසු­ගි­යදා ප්‍රදා­නය කළ මූල්‍ය ආධා­රය පිළි­බ­ඳව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝ­ජි­තා­ය­ත­නයේ (UNRWA) කොම­සා­රිස් ජන­රාල් ෆිලිපේ ලැස­රිනි (Philippe Lazzarini) මහතා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් සිය ප්‍රශං­සාව පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝ­ජි­තා­ය­ත­නයේ විසින් සිදු කරන ලද හදිසි ඉල්ලී­මට අනුව ශ්‍රී ලංකාව විසින් ලබා දෙන ලද දාය­ක­ත්වය මඟින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝ­ජි­තා­ය­ත­නයේ රැක­ව­ර­ණය යටතේ සිටින මිලි­ය­න­ය­කට අධික පිරි­ස­කගේ අත්‍යා­වශ්‍ය මානු­ෂීය අව­ශ්‍යතා සපු­රා­ලීමේ ප්‍රය­ත්න­යන් තව­දු­ර­ටත් ශක්ති­මත් කරනු ඇති බව ද මෙම ලිපි­යෙහි සඳ­හන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝ­ජි­තා­ය­ත­නය විසින් ක්‍රියා­ත්මක කර ඇති සහන සැල­සීමේ වැඩ­ස­ට­හන් සඳහා අර­මු­දල් සපයා ගැනී­මේදී පව­තින ගැට­ලු­කාරී තත්ත්වය මෙහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇති ලැස­රිනි මහතා එම වැඩ­ස­ට­හන් ඵල­දා­යීව සිදු කිරීම සඳහා හවු­ල්ක­රු­වන් විසින් ලබා දෙන දාය­ක­ත්ව­යන් වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කරන බව ද සඳ­හන් කැර ඇත.

පල­ස්තී­නයේ සිටින සර­ණා­ග­ත­යන් සහ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝ­ජි­තා­ය­ත­නය වෙත ශ්‍රී ලංකාව දෙන දාය­ක­ත්වය වෙනු­වෙන් කෘත­ඥ­තාව පළ කරන ලැස­රිනි මහතා, ඉදි­රි­යේදී ද ශ්‍රී ලංකා රජ­යෙන් අඛ­ණ්ඩව සහ­යෝ­ගය ලබා දෙනු ඇතැයි තමා විශ්වා­සය පළ කරන බව ද සඳ­හන් කැර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT