Thursday, May 16, 2024
Home » බණ පොළේ මත ගැටුම දුර දිග ගොස් 22 තරු­ණ­යාගේ පොලු පහ­රින් 45 හැවි­රිදි දෙදරු පියා මරුට

බණ පොළේ මත ගැටුම දුර දිග ගොස් 22 තරු­ණ­යාගේ පොලු පහ­රින් 45 හැවි­රිදි දෙදරු පියා මරුට

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

කැබි­ති­ගො­ල්ලෑව, රඹ­කැ­පු­වැව ගම්මා­නයේ පැවැති බණ පොළේ වෙන්දේ­සියේ ගීත­යක් ගායනා කිරී­මට ඉල්ලා දෙපි­රි­සක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් පොලු පහ­රක් වැදී දෙදරු පියෙකු ඉකුත් 26 වැනිදා මිය­ගොස් ඇති බව කැබි­ති­ගො­ල්ලෑව මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ බද්ධ­රා­ලගේ සමන් ජානක කුමාර නමැති තිත්ත­ගෝ­ණෑව, කැබි­ති­ගො­ල්ලෑව ලිපි­නයේ පදිංචි 45 හැවි­රිදි, තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරි කළ දෙදෙරු පියෙකි.

පසු­ගිය මාර්තු මස 28 වැනිදා කැබි­ති­ගො­ල්ලෑව, රඹ­කැ­පු­වැව ගම්මා­නයේ බණ පින්කම් මාලා­වක් පැවැ­ත්විණි. එයට සහ­භාගි වීම සඳහා අයි­ති­ගේ­වැව ගම්මා­නයේ තරු­ණ­යින් පස් දෙනෙකු සහ තිත්ත­ගෝ­ණෑව ගම්මා­නයේ තරු­ණ­යින් රැසක්ද පැමිණ තිබිණි. එම බණ පොළේ රාත්‍රී 9.00ට පමණ ගීත වෙන්දේ­සිය ආරම්භ කර ඇත. අන­තු­රුව එම ගීත ඉල්ලා අයි­ති­ගේ­වැව ගම්මා­නයේ තරු­ණ­යින් හා තිත්ත­ගෝ­ණෑව ගම්මා­නයේ තරු­ණ­යින් අතර බහි­න්බස් වීමක් සිදුව ආර­වුල් තත්ත්ව­යක් හට­ගෙන ඇත. අන­තු­රුව එය සම­ත­යට පත් කිරී­මට සංවි­ධා­යක මණ්ඩ­ලය කට­යුතු කර තිබිණි.

ඉන් පසු රාත්‍රී 12.30ට පමණ මෙම දෙපි­රි­සම බණ පොළින් පිටත්වී නිවෙස් කරා පැමිණ ඇත. එසේ ගමන් කර­මින් සිටි­යදී සිය­ඹ­ලා­ග­ස්වැව හන්දි­යේදී නැව­තත් මෙම දෙපි­රිස මුහු­ණට මුහුණ හමු වී ඇත. එහිදී දෙපි­රිස අතර ගුටි බැට හුව­මා­රු­වක්ද සිදු වී ඇති බව පොලි­සිය පව­සයි. අන­තු­රුව එම ගුටි බැට හුව­මා­රු­වද නතර වී ඇත.

ඊට පසු සමන් ජානක කුමාර නමැති මිය­ගිය පුද්ග­ලයා ඒ අසල තිබුණු බෝකකු කණු­වක් මත වාඩි වී සිට ඇත. එක්ව­රම පිටු­ප­සින් පැමිණි පුද්ග­ල­යෙකු මෙම මිය­ගිය පුද්ග­ල­යාගේ හිසට පොල්ල­කින් පහර දී පලා ගොස් තිබිණි. පහර දීමෙන් බර­ප­තළ තුවාල ලැබූ එම පුද්ග­ලයා කැබි­ති­ගො­ල්ලෑව මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහල වෙත වැඩි­දුර ප්‍රති­කාර සඳහා මාරු කර යැවූ බවත් ඒ වන විටත් පහර කෑමට ලක් වූ පුද්ග­ල­යාගේ සුෂු­ම්නාව දැඩි ලෙස හානි­යට පත්වී තිබූ බවත් රෝහල් බල­ධා­රීහු පව­සති.

අන­තු­රුව මස­කට ආසන්න කාල­යක් අනු­රා­ධ­පුර රෝහලේ නේවා­සික ප්‍රති­කාර ලබ­මින් සිටි පසු­ගිය 26 වැනිදා සවස රෝහ­ලේ­දීම මිය ගොස් තිබිණි.

කැබි­ති­ගො­ල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එම්.එස්.කේ. වික්‍ර­ම­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි කැබි­ති­ගො­ල්ලෑව මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති චමිල රත්නා­යක මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් මේ පිළි­බඳ විම­ර්ශ­නය ආරම්භ කර අප්‍රේල් මස 07 වැනි දින මර­ණය සිදු කළා යැයි සැක කරන අයි­ති­ගේ­වැව, කැබි­ති­ගො­ල්ලෑව ලිපි­නයේ පදිංචි කෝවිල් ආර­ච්චිගේ සෙව්වන්ද ලක්මාල් නමැති 22 හැවි­රිදි තරු­ණයා සහ පහර දුන් පොල්ල කැබි­ති­ගො­ල්ලෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇත. අන­තු­රුව සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇති බව පොලි­සිය පව­සයි.

කැබි­ති­ගො­ල්ලෑව සමූහ එස්.ජී. උබේ­පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT