Home » පොල්පි­ති­ගම බල­ඇල්ල පාල­මට මුල් ගල තබා කට්ට­ම්බේ­රිය පාර­ටත් කාපට් දමයි

පොල්පි­ති­ගම බල­ඇල්ල පාල­මට මුල් ගල තබා කට්ට­ම්බේ­රිය පාර­ටත් කාපට් දමයි

by Gayan Abeykoon
April 30, 2024 1:01 am 0 comment

ග්‍රාමීය පාලම් සංව­ර්ධන ව්‍යාපෘ­ති­යට සම­ගා­මීව පොල්පි­ති­ගම ප්‍රාදේ­ශීය ලේකම් ‍ කොට්ඨා­සයේ හත්පො­කුණ බල ඇල්ල අබ­ලන් පාලම ද්විත්ව පාල­මක් ලෙසට නවී­ක­ර­ණය කර­න්නට මුල් ගල තැබීම හා කට්ට­ම්බේ­රිය සිට ඉරු­දෙ­ණි­යාය ජන­ප­ද­යට දිවෙන කිලෝ මීටර් තුනක පමණ දුර­කින්  යුත් දැඩි ලෙසට අබ­ලන් මාවත කාපට් කිරීමේ ආර­ම්භක වැඩ දියත් කිරීම ඉකුත් 27 වැනිදා කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩු­කු­ඹුර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරුණි.

මෙම පාලම නවී­ක­ර­ණ­යට වැය කර ඇති මුදල මිලි­යන 99.6කි. පාර කාපට් කිරී­මට වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 85කි.

ප්‍රදේ­ශයේ සංඝ­ර­ත්නය, වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී බණ්ඩාර රාජ­පක්ෂ, පොල්පි­ති­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති රංජිත් විජේ­නා­යක ඇතුළු ආරා­ධි­ත­යින් හා ප්‍රදේ­ශ­වා­සීහු රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

 

පොල්පි­ති­ගම නන්දන කැලේ­ගම.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT