Thursday, May 16, 2024
Home » එන්එ­ස්එල් අව­සන් සටන අද

එන්එ­ස්එල් අව­සන් සටන අද

by Gayan Abeykoon
April 30, 2024 1:01 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිව්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය අද (30) ගාල්ල සහ මහ­නු­වර කණ්ඩා­යම් අතර පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

රමේෂ් මෙන්ඩිස්ගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින ගාල්ල කණ්ඩා­යම මූලික වටයේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගනි­මින් අව­සන් තර­ග­යට පිවිසි අතර, නිරෝ­ෂන් දික්වැල්ල නාය­ක­ත්වය දෙන මහ­නු­වර පිල දෙවැනි ස්ථාන­යෙන් මේ තර­ග­යට එක් විය.

මූලික වට­යේදී කණ්ඩා­ය­මක් තරග 8ක් ක්‍රීඩා කළ අතර, තරග 4ක් ජය­ගත් ගාලු පිල තරග 4ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා කර ගත්තේ ප්‍රසාද ලකුණු 112.215ක් සම­ඟිනි. ජය සහ පරා­ජ­යන් 3 බැගින් හිමි කර ගෙන ඇති මහ­නු­වර ක්‍රීඩ­කයෝ තරග 2ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා කර ගෙන තිබිණි. ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 92.585කි.

තර­ගා­ව­ලියේ මූලික වට­යේදී මේ දෙපිල දෙව­රක් එකි­නෙකා හමුවූ අතර, එහි පළමු තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා වුවද දෙවැනි තර­ග­යෙන් ගාල්ලට කඩුලු 10ක ජයක් අත්විය.

මෙවර තර­ගා­ව­ලියේ පිති­ක­රු­වන් අතර ඉදි­රි­යෙන් සිටින්නේ ගාල්ලේ ඕෂද ප්‍රනාන්දු (808) සහ පසිඳු සූරි­ය­බ­ණ්ඩාර (807)යි. මහ­නු­වර පිල වෙනු­වෙන් අහන් වික්‍ර­ම­සිංහ (744) වැඩිම ලකුණු රැස් කර­මින් සිව්වැනි තැන සිටින අතර, කමිල් මිෂාර ද එම කණ්ඩා­යමේ ලකු­ණු­ලා­භීන් අතර ඉදි­රි­යෙන් සිටී.

තර­ගා­ව­ලිය පුරා කඩුලු 34ක් බිඳ දම­මින් වැඩිම කඩු­ලු­ලා­භියා වන වනුජ සහන්  මහ­නු­වර කණ්ඩා­යම නියෝ­ජ­නය කරන අතර, දෙවැනි තැන පසු­වන නිෂාන් පීරිස් (30) මෙන්ම සිව්වැ­නියා වන නිමේෂ් විමුක්ති (23) ගාලු කණ්ඩා­යම සතුය. මහ­නු­වර පිලේ අශේන් ඩැනි­යෙල් කඩුලු 23ක් සමඟ 5 වැනි ස්ථානයේ සිටී.

කෙසේ වෙතත් මේ තර­ග­යේදී වැඩිම කඩු­ලු­ලා­භියා වන වනුජ සහන්, අහන් වික්‍ර­ම­සිංහ, චාමික කරු­ණා­රත්න, ළහිරු උදාර සහ කමිල් මිෂාර වැනි ප්‍රබල ක්‍රීඩ­ක­යන් සංචා­රක ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම සමඟ හම්බ­න්තොට පැවැ­ත්වෙන එක්දින තර­ගා­ව­ලි­යට නම් කර තිබීම හේතු­වෙන් සහ­භාගී නොවේ.

නිරෝ­ෂාන් ප්රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT