Friday, May 17, 2024
Home » නායාරූ මුහුදේ ගසා ගිය පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

නායාරූ මුහුදේ ගසා ගිය පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

by yasara
April 30, 2024 10:55 am 0 comment

මුලතිව් නායාරූ මුහුදේ දියනාමින් සිටියදී මුහුදට ගසා ගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර නාවික හමුදාව විසින් ඊයේ (29) සොයා ගෙන තිබේ.

පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විනෝදයට නායාරූ මුහුදේ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු මුහුදට ගසා ගෙන ගිය අතර නාවික හමුදාව හා නායාරූ ධීවරයින් එක්ව ඒ දෙදෙනාගෙන් එක් අයෙකු බේරා ගෙන ත්‍රිකුණමලය රෝහලට ඇතුළත් කොට තිබුණි.

අතුරුදහන් වූ අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු වලදී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මීසාල උතුරු කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිව සිටි බාලසුන්දරම් ප්‍රදීපන් නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති නායාරූ පොලීසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT