Home » බස්ගාස්තු සංශෝධනය නොවෙයි

බස්ගාස්තු සංශෝධනය නොවෙයි

by chanaka
May 2, 2024 2:38 pm 0 comment

ඩීසල් මිල පසුගිය 30වැනිදා සිට අඩු වුවද බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් 2002.06.12 දින අනුමත කරන ලද ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තියට අනුව 2002 ජුලි මස සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස්ගාස්තු සංශෝධන සිදුකරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT