332
අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි මියගොස් තිබේ.
රොක් ඇන්ඩ් රෝල්, සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද සැළකෙන ඩුවාන් පිළිකා රෝගයක් හේතුවෙන් මියයනවිට 86 හැවිරිදි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොක් ඇන්ඩ් රෝල් හි ප්‍රමුඛතම සංගීත භාණ්ඩය ලෙස විද්‍යුත් ගිටාරය ස්ථාපිත කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
1950 – 60 දශකවලදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ග්‍රැමී සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.