Home » ‘කොටකෙතන’ රූ ගත කිරීම අරඹයි

‘කොටකෙතන’ රූ ගත කිරීම අරඹයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ජනක ලියනගේ තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන කුළුඳුල් සිනමා නිර්මාණය ‘කොටකෙතන’ සිනමා පටය රූ ගත කිරීම් ඇරඹිනි. මෙය media Gang නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් දුමින්ද පෙරේරා, නිෂ්පාදන සැලසුම්කරණය හා කලා අධ්‍යක්‍ෂණයෙන් ලාල් හරීන්ද්‍රනාත්, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් ශාක්‍යා වීරසිංහ, සහාය අධ්‍යක්ෂණයෙන් විජේසිරි මල්ලිකාආරච්චිගේ, වේශ නිරූපණයෙන් දිනේෂ් කංකානම්, නිෂ්පාදන කළමනාකරණයෙන් රංග රුවන් ප්‍රසන්න, සිසිර වෙඩික්කාර, ශබ්ද නිර්මාණ සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ හා දර්ශන තල ශබ්ද ආලේඛනගතකරණය මිතුන් කරුණාතිලක ගෙනි. නදීකා බණ්ඩාර, එස්.අයි සමරක්කොඩි, චින්තක ගුණදාස, සිසිර වෙඩික්කාර, රුවන් මදනායක, නයෝමි ගුණසිරි, මදුෂානි වික්‍රමසිංහ, මනෝජ් මැදගෙදර, ප්‍රේමරත්න තෙන්නකෝන්, කේ.කේ සමන් කුමාර, චමත්කා ලක්මිණි, ඕෂධී සේනානායක, හිරුණි රණසිංහ, එම්.ඒ ඉමිතියාස්, රුවන් රංගෙයි, දිල්රුක්ෂි වීරපරාක්‍රම, අජිත් දයාරත්න, යුෂී ජයවීර, මලීෂා උඩුවර රංගනයෙන් දායක වෙති.

අතකස 18 වැනි සභාපතිවරයා

 

අගනුවර තරුණ කවි සමාජයේ 18 වැනි සභාපතිවරයා ලෙස කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කිවිඳුන් පසුගියදා ඒකමතිකව තේරී පත්විය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ආසිරි විජේසේකර යනු අතකස 14 වැනි සභාපතිවරයා ලෙස හෙළ කවියට ඉමහත් සේවයක් ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදී කිවිපති සේසිරි විජේසේකරයන්ගේ පුතුණුවන්ය.

‘දේව මාතා’ රූගත කෙරේ

දිල්ශාන් තමෙල් අධ්‍යක්ෂණය කරන ‘දේව මාතා’ චිත්‍රපටය මේ දිනවල රූගත කෙරේ. කඳාන, හපුගොඩ දේවමාතා දේවස්ථානයට සියවසක් සපිරීම නිමිත්තෙන් නිර්මාණය කෙරෙන එහි, අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ චරිතයට ප්‍රවීණ රංගන ශිල්පියකු වන ක්ලීටස් මෙන්ඩිස් පණ පොවයි. ඒ සමඟ මොරීන් චාරුණී, මනෝහාරී විමලතුංග, රොෂාන් රණවන, දසුනි නවෝද්‍යා ආදීහු රඟති. මෙහි කැමරාව හා වර්ණ සංයෝජනය, සංගීත අධ්‍යක්ෂණය, සංස්කරණය දිල්ශාන් තමෙල්ගෙනි. දේව මාතා productions ඉදිරිපත් කිරීමකි. එම පිරිස සමූහ ඡායාරූපයකට මුහුණදුන්නේ මෙසේය.

අද සිට දිවයින පුරා ‘My Red Comarade’

සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘ My Red Comarade’ සිනමා පටය අද (03 වැනිදා) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. මෙය සුදත් මහදිවුල්වැව වසර 19කට පසු අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙහි තරින්දි ෆර්නෑන්ඩු සහ ප්‍රසන්න මහගමගේ චරිත නිරූපණයේ යෙදෙති. සහාය අධ්‍යක්ෂණය දිනේෂ් ලක්දුසිංහ, කැමරාකරණය රුවන් කොස්තා, අංග රචනය සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය නදීක ගුරුගේ, ශබ්ද සැලසුම්කරණය සසික මාරසිංහ, වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍ර, රේඛීය නිෂ්පාදනය දර්ශි ගමගේ, සංස්කරණය අජිත් රාමනායන, ගේය පද රචනය සුදත් මහදිවුල්වැව, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි. මෙහි නිෂ්පාදනය රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්ස් වෙතිනි.

 

මංගල දැක්ම

අපේ ප්‍රවීණ නාට්‍යවේදී ගාමිණී ජයලත්ගේ ‘නිල් අහසයි වහල අපේ’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම ඊයේ(02දා) ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..

ප්‍රභාත් රුබේරු, රශ්මි සුමනසේකර, මීනු නිසංසා, නවෝද් සංකල්ප, කුලන දිවුමින්, ඉනුක නිම්නෙත්, දෙව්මි පෙරේරා ආදීහු රංගනයෙන් එක්වෙති. මෙහි සංගීත නිර්මාණය ප්‍රදීප් මුතුකුඩආරච්චි, අංග රචනය තරංග රුක්මල්වල, නර්තන වින්‍යාසය බිනූ දිලාරා, ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති, දර්ශන සම්බන්ධීකරණය සමන් ප්‍රනාන්දු, රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගාමිණී ජයලත්ගෙනි.

GOODBYE EVI වැඩ අරඹයි

නෙල්සන් ප්‍රනාන්දුගේ කුලුඳුල් චිත්‍රපටය වන “GOODBYE EVI” කෙටි වාර්තා චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹී ඇත. ඉකුත්දා කොළඹදී මුහුරත් උලෙළ පැවැති එහි නෙල්සන් ප්‍රනාන්දු, සංජීව ප්‍රනාන්දු, චමීර ලියනගේ, සුජානි මධුවන්ති, සංජීව දිසානායක, උදේනි අල්විස්, චමින්ද බටුකොටුව, ප්‍රභා සඳසීලී, සුපුන් මධුරංග, චින්තක විමලසිංහ, චින්තක ආරියවංශ, සතිෂ් හර්ෂණ ආදීහු රඟති. සහාය අධ්‍යක්ෂණයෙන් සොඳුරු ලොකුපෝතාගම ද අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ ද කැමරාවෙන් පුෂ්පිත නිර්මාල් ද කලා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ජයශාන්ත ද තිර රචනයෙන් හේමන්ත ප්‍රසාද් ද නිෂ්පාදන කළමනාකරණයෙන් රවීන්ද්‍ර ගංගීත් ද එක්ව සිටිති.

‘විසල් ආදරේ’ දිවයින පුරා

‘විසල් ආදරේ’ චිත්‍රපටය අද (03 වැනිදා) සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීම ඇරඹේ. සචින් ලියනගේ, දිනක්ෂි ප්‍රියසාද්, නිමේෂ් වීරංග සමග රශි ප්‍රභා සංදීපනී ආදීහු රංගනයෙන් දායක වෙති. තිර රචනය ඩිල්ෂි තත්සරණි, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය යසස් මැදගෙදරගෙනි.

මෙය “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයෙන් අප හමුවූ වාසව බදුගේ සහ යසස් මැදගෙදර සම අධ්‍යක්ෂණයකි. මෙය වාසව බදුගේගේ දෙවැනි සිනමා සිත්තමයි.

නිළි රාජිනියගේ උපන්දිනයට පින්කම්

සිංහල සිනමාවේ නිළි රාජනිය ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ උපන්දිනය පසුගිය 30 වැනිදාට යෙදී තිබුණි. එදින ඇය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් අබියසදී ආගමික කටයුතුවල නිරත වූවාය. අනතුරුව එදින අනුරාධපුර පූජා භූමිය වෙතට පැමිණ සිටි විශාල පිරිසක් වෙත ආහාර හා පාසල් උපකරණ බෙදා දීම සිදු කළාය. මෙම අවස්ථාවට ඇගේ පවුලේ ඥාතීන් ඇතුළු සමීපතම හිතවත්හු කිහිපදෙනෙක් ද එක්වූහ. පුරා පනස් වසරකට අධික කලක් ශ්‍රී ලාංකේය සිනමා කෙත පෝෂණය කළ ආචාර්ය මාලිනී ෆොන්සේකා ප්‍රවීණ රංගන ශිල්පිනියට සුබ උපන් දිනයක් පතමින් දීර්ඝායුෂ පතමු.

“කන්ද පාමුල” එළිදකී

ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියා වන තිලක් කුමාර ස්වතන්ත්‍ර නිර්මාණය වන “කන්ද පාමුල ” ගීතය එළිදක්වා තිබේ. නලින් සම්පත් බණ්ඩාර විසින් ලියූ මෙම ගීතය මේ වන විට ලයිව් බැක් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ප්‍රසංග ගීතයක් බවට පත්ව තිබේ. පාසල් අවධියේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසි තිලක් කුමාර අවුරුදු විස්සකට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටියි. ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ලෙස සේනානායක වේරලියද්ද, දමිත් අසංක වැනි ගායන ශිල්පීන්ගේ ගීත ගයමින් සංගීත ප්‍රසංග කලාවට පිවිසුණු තිලක් කුමාර, ස්ව තන්ත්‍ර ගීත ගයමින් කලා ලොව දීර්ඝ ගමනක් යෑමට අපේක්ෂා කරයි.

“ලොක්කා ලෙඩ වෙලා” ඊයේ

ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන “ලොක්කා ලෙඩ වෙලා” ඊයේ 02 වැනිදා උදෑසන දර්ශන වාර දෙකක් සහ සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයීය රඟහලේදී වේදිකාගත කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT