Home » නාගපට්නම් සිට උතුරු මුහුදට අනවසරයෙන් ආ ධීවරයන්ට මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක්

නාගපට්නම් සිට උතුරු මුහුදට අනවසරයෙන් ආ ධීවරයන්ට මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක්

අයෙක් බරපතළ තුවාල ලබා රෝහලේ

by mahesh
May 3, 2024 1:00 am 0 comment

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම පිණිස ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට පෙරේදා (01) රාත්‍රී මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු තුවාල ලබා අති අතර ඔවුන් දෙදෙනා නාගපට්නම් රෝහලට ඇතුළත් කොට තිබේ. තුවාලකරුවන් දෙදෙනා අතර සිටින මුරුගන් නමැති ඉන්දීය ධීවරයාගේ හිසට බරපතළ ලෙස ප්‍රහාර එල්ල වීම නිසා ඔහුගේ තත්ත්වය බරපතළ බව රාමේස්වරන් ධීවර සංගමයේ නායකයෝ පවසා සිටියහ. ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුවේ තිබූ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හා ධීවරයින්ට අයත් මුදල්, ජංගම දුරකතන හා තවත් උපකරණ කිහිපයක් මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගොස් තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී යාත්‍රාව තුළ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු සිට ඇති අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාගපට්නම් වෙරළට නාවික සැතපුම් 15ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේදීය. මේ පිළිබඳව ඉන්දීය හෝ ශ්‍රී ලංකා නාවික හමුදාවලට ධීවර සංගම්වලින් පැමිණිලි ලැබී නොමැති අතර රෝගීන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව නාගපට්නම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කොට තිබේ.

උතුරු පලාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT