Home » නෝර්වේ තානාපතිනිය අනුර කුමාර හමුවෙයි

නෝර්වේ තානාපතිනිය අනුර කුමාර හමුවෙයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් මහත්ම, මහත්මීහු එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳ ද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ ද අවධානය යොමු විය. නෝර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳ ද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව මෙය බව ද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT