Home » අපරාධ විමර්ශන සැරයන් රිමාන්ඩ්
කොල්ලුපිටියේ කෝටියක අල්ලස 

අපරාධ විමර්ශන සැරයන් රිමාන්ඩ්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වංචා විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරයා ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ(02) නියෝග කළේය.

මේ සිද්ධියෙන් ගත් බව කියන මුදල්වලින් රුපියල් ලක්ෂ 16ක් නිවසේ වැසිකිළි වළක වළලා තිබියදී පොලිස් භාරයට ගත් බව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කියා සිටියේය.

මොහු ඇතුළු පිරිසක් පසුගිය මාර්තු මස 22 වැනිදා පැමිණිලිකරුගේ නිවසට ඇතුළු වී අපරාධ පරීක්ෂණ නිලධාරින් බව පවසා සේප්පුවේ තිබූ මුදල් කොල්ලකා ගාලු පාරෙන් පලා ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

පැමිණිලිකරුගේ නිවසට ඇතුළු වී මරණ බවට තර්ජනය කර පහර දි අමෙරිකානු ඩොලර් 3500 සහ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් කොල්ල කෑ බවට අත්අඩංගුවට ගත් වංචා විමර්ශන අංශයේ සැරයන්වරයා පවසා තිබේ.

සැරයන්වරයා වෙනුවෙන් නීතිඥ ධර්මසිරි ගමගේ මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ගැනීමේ සිදුවීමට අදාළව තවත් පුද්ගලයන් සිව්දෙනෙක් අල්ලස් කොමිසම විසින් කළ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන 14 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කරන ලද විමර්ශනයකට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගැනිණ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි.

සැකකාර සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද පැමිණිල්ලකට අනුවය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT