Home » ලක්දාස්-බර්නදෙත් විදුහල් අතර කහ සටන එක්දින ගැටුම හෙට

ලක්දාස්-බර්නදෙත් විදුහල් අතර කහ සටන එක්දින ගැටුම හෙට

by mahesh
May 3, 2024 1:00 am 0 comment
ලක්දාස ද මැල් කණ්ඩායම සහ සාන්ත බර්නදෙත් කණ්ඩායම

කුරුණෑගල ඉපැරැණිම ඉතිහාසයකට උරුමකම් කියන කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල සහ පොල්ගහවෙල සාන්ත බර්නදෙත් විදුහල අතර ප්‍රථම වරට සංවිධාන කරන ‘කහ සටන’ එක්දින ක්‍රිකට් තරගය හෙට (4) කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලක්දාස් ද මෙල් විදුහලේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් වන කුරුණෑගල වැව්ගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි හැළඹවටවන ධම්මජීව හිමියන්ගේ සහ සුජීව කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලක්දාස් ද මෙල් විදුහල්පති එම්.පී.එන්. සාන්ත සහ බර්නදෙත් විදුහල්පති සරත් ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු සඳහා විදුහල් දෙකෙහිම ආදි ශිෂ්‍ය සංගම් ඉදිරිපත්ව සිටිති.

ප්‍රථම වරට තරග වදින ලක්දාස් ද මෙල් කණ්ඩායමේ නායකත්වය චමෝද් ප්‍රභාෂ විසින්ද සාන්ත බර්නදෙත් කණ්ඩායමේ නායකත්වය සඳුන් කවිෂ්ක රාජගුරු විසින්ද දරති.

ලක්දාස ද මැල් කණ්ඩායම: චමෝද් ප්‍රභාෂ (නායක), වරුන් දර්ශන, නිලංග රන්දුනු, හසිදු නෙත්මිණ, තීක්ෂණ සම්පත්, මිනිදු තරුෂික, රස්නිම විරාජ්, අදීෂ ⁣නිකේස්, ලක්ෂිත රන්ජන, මෙතුජ සන්ලිත, සනුර දිනෙත් නෙත්සර දුලාංජන, උමේෂ් වීරසිංහ, රවීෂ් ඉඳුවර (උප නායක), මිනුක සන්දිත්, පුබුදු බංඩාර, ජෙනුර ඔනෙත්, තීක්ෂණ හින්සලු, එන්. අම්මාර්, එම්.පී.එන්. ශාන්ත (විදුහල්පති), රොෂාන් අධිකාරි (ක්‍රිකට් පුහුණුකරු), සුජීව කරුණාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), අසේල ජයසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), චාමර මැදවල (ක්‍රිකට් භාර ආචාර්ය).

සාන්ත බර්නදෙත් කණ්ඩායම: සඳුන් කවිෂ්ක රාජගුරු (නායක), විදූෂාන් දිනිත් ජයකොඩි (උප නායක), චමත් බුද්ධිම දිසානායක, රසාංජන වික්‍රමගේ, යුරාජ් හසරැල් ජයරත්න, බිනුක පන්සිළු, අවීෂ සස්මින්, සවිරු නිම්නෙත් ජයනෙත්ති, අනුහස් රන්සර ජයසූරිය, නිදුල ෂෙහාන් විජේසිංහ, ජිනුක මින්කෙත් හේරත්, දිනුක සඳරැස් ලීලාරත්න, රගූ කෙෂාන් මධුසංක, දිනුක් කාවින්ද කුමාර, සනෙරු ගිම්සර, නවීෂ යෙෂාන්, මනෝජ් කරුණානායක, රිද්ම ප්‍රේමතිලක, කවීෂ වික්‍රමසිංහ, දුලාංජන විජේසූරිය, සරත් ප්‍රේමචන්ද්‍ර (විදුහල්පති), ප්‍රියන්ත බණ්ඩාර (ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය), එස්.එල්.එන්.එම්. විමලසූරිය (පුහුණුකරු).

මල්ලවපිටිය සමූහ අනුර දිසානායක කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT