Home » ශ්‍රී ලංකා-ඇෆ්ගන් තෙවැනි ‘ඒ’ එක්දින ගැටුම අද

ශ්‍රී ලංකා-ඇෆ්ගන් තෙවැනි ‘ඒ’ එක්දින ගැටුම අද

by mahesh
May 3, 2024 1:00 am 0 comment

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කාණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (3) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව ඇති අතර, අද තරගය ජය ගනිමින් වේලාසනින්ම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වී තිබේ.

කෙසේ වෙතත් මේ තරගය ජය ගෙන තවදුරටත් රැඳී සිටීමේ අරමුණින් ඇෆ්ගන් ‘ඒ’ කණ්ඩායම අද පිටියට පිවිසෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම තෝරා ගැනීමේ අන්තර් සංචිත තරගාවලියට එක්වීම හේතුවෙන් මේ තරගාවලියේ මුල් තරග දෙකට එක් වූ ක්‍රීඩකයන් 5 දෙනකුට ඉතිරි තරග අහිමි වී තිබේ. ඒ අනුව නායකයා ලෙස කටයුතු කළ සහන් ආරච්චිගේ සමඟ අහන් වික්‍රමසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ නිමේෂ් විමුක්ති මේ තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඔවුන් වෙනුවට සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, පසිඳු සූරියබණ්ඩාර, නිපුන් කරුණානායක සහ උදිත් මදුෂාන් කණ්ඩායමට එක්ව සිටිති. ඉතිරි තරග තුනේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්කට පැවරී තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින කණ්ඩායම – නිශාන් මධුෂ්ක (නායක), ළහිරු උදාර, කමිල් මිෂාර, මිනෝද් භානුක, පවන් රත්නායක, දුෂාන් හේමන්ත, වනුජ සහන්, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, පසිඳු සූරියබණ්ඩාර, නිපුන් කරුණානායක, උදිත් මදුෂාන්.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT