Saturday, May 10, 2025
Home » මඩො­ල්සිම පොලි­සියේ CI අට්ටා­ල­යක් හදා පවු­ලත් සමඟ උප­වා­ස­යක
පැමි­ණිල්ල ගැන නිසි විම­ර්ශ­න­යක් නෑ

මඩො­ල්සිම පොලි­සියේ CI අට්ටා­ල­යක් හදා පවු­ලත් සමඟ උප­වා­ස­යක

by damith
May 6, 2024 1:17 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස් ගුණ­ති­ලක

හෝට­ල­යක් සම්බ­න්ධ­යෙන් බුත්තල පොලිස් ස්ථාන­යට කර ඇති පැමි­ණිලි ගැන නිසි විම­ර්ශන සිදු නොක­රන බව හා පක්ෂ­ග්‍රා­හීව පොලි­සිය කට­යුතු කරන බව සඳ­හන් කර­මින් මඩො­ල්සිම පොලි­සියේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් තම නිවෙස ඉදි­රි­පිට අට්ටා­ල­යක් ඉදි­කර පවුලේ සාමා­ජි­ක­යන්ද සමඟ පෙරේදා (04) සිට උප­වා­ස­යක් ආරම්භ කර තිබේ.

මෙසේ උප­වා­ස­යක් ආරම්භ කර ඇත්තේ මඩො­ල්සිම පොලි­සි­යට අනු­යු­ක්තව සේවය කරන විශ්‍රාම යෑමට පූර්ව නිවාඩු ලබා සිටින ප්‍රධාන පොලිස් පරි­ක්ෂක එම්.එල්.ඩී.රංජින් මහතා සහ ඔහුගේ මව හා බිරි­යයි. බුත්තල 11 කණුවේ පිහිටි සිය නිවස ඉදි­රි­පිට අට්ටා­ල­යක මෙසේ උප­වා­ස­යක් අරඹා ඇත්තේ සිය සහෝ­ද­ර­යකු වන ශ්‍රී ලංකා යුද හමු­දාවේ කර්නල් වර­යකු සමඟ ඉඩම් ආර­වු­ලක් සම්බ­න්ධ­යෙන් පව­තින ගැට­ලු­ව­කට බුත්තල පොලි­සි­යෙන් සාධා­ර­ණය ඉටු නොවන බව කිය­මිනි. එමෙන්ම තමන්ට එරෙ­හිව අසත්‍ය පැමි­ණිලි කරන බව­ටද චෝදනා කර­මින් මේ උප­වා­සය ආරඹා තිබේ. මෙම ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා ඔහුගේ සහෝ­ද­රයා වන කර්න­ල්ව­ර­යාගේ හෝට­ල­ය­කට අලා­භ­හානි සිදු­කි­රීම සම්බ­න්ධ­යෙන් මීට පෙර අත්අ­ඩං­ගු­ව­ට­ගෙන රක්ෂිත බන්ධ­නා­ගාර ගත­කර සිට ඇප­මත මුදා­හැර සිටින අයෙකි. බුත්තල පොලි­සියේ උසස් නිල­ධා­රීන් විසින් තමාට අග­ති­දා­යක ලෙස විම­ර්ශන සිදු­කි­රීම සහ විරුද්ධ පාර්ශ්ව­යට පක්ෂ­ග්‍රාහී ලෙස කට­යුතු කිරීම හෙළා දකි­මින් මෙම උප­වා­සය අරඹා ඇත. පොලි­සි­යෙන් සාධා­ර­ණය ඉටු­ව­න­තෙක් උප­වා­සය අඛ­ණ්ඩව සිදු­ක­රන බව ඔහු පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT