Home » මිදුල වටේ යාළුවත් එක්ක මැරුතන් දිව්ව තරිඳු හදිසියේම මිය යයි

මිදුල වටේ යාළුවත් එක්ක මැරුතන් දිව්ව තරිඳු හදිසියේම මිය යයි

by yasara
May 6, 2024 3:09 pm 0 comment

මිදුල වටේ යහලුවෙකු සමග එක්ව දුර දිවිමට එක් වු අවුරුදු 17 ක් වයසැති පිරිමි දරුවෙක් දුවන අතරවාරයේම ඇද වැටී පසුගිය (04) වැනිදා මිය ගොස් තිබෙයි.

පොල්පිතිගම පොලිස් වසමේ තලාකොළවැව, රැකෑවුළ ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ රස්මික තරිදු නැමැති අයෙක් මෙලෙස මරණයට පත්ව ඇතැයි පොල්පිතිගම පොලීසිය සදහන් කරයි.

මොහු 4 දින පෙරවරුවේදි තවත් මිතුරෙකු සමග එක්ව මිදුල වටේ මැරතන් දිවිමේ තරගයකට එක්ව තිබේ.

ඒ අවස්ථාවේදි තම පියාට කතා කොට කිලෝ මීටර් ගණනාවක් දිව්වා වාගේ මහන්සියක් දැනෙනා බවට පපුව අල්ලා ගෙන බිම වාඩි වී ඇති බවත්, ඒ සැනින් මරණයට පත්ව ඇති බවත් කල විමර්ශණවලදි අනාවරණය වු බව පොලීසිය කියයි.

සිද්ධිය පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි මරණයට හේතුව හෘදයාබාධයක් බවට කරුණු හෙලි වී ඇතැයි පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රබුද්ධ කුලතුංග මහතා පැවසීය.

දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වු රස්මික තරිදුගේ අවසන් කටයුතු අද(06)  පස්වරුවේ අති විශාල පිරිසකගේ  සෝ සුසුම් මැද තලාකොළවැව පොදු සුසාන භූමියේදි සිදු කෙරුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT