Home » විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රි ලංකා ක්‍රීඩකයන් ජූලි චංග් හමුවෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රි ලංකා ක්‍රීඩකයන් ජූලි චංග් හමුවෙයි

by yasara
May 6, 2024 3:28 pm 0 comment

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග්  ශ්‍රි ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වී තිබෙයි.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බව ඇය සිය නිළ x ගිණුමෙහි සටහනක් තබා ඇත.

මෙහි වැඩිදුරටත් ඇය පවසා ඇත්තේ‌ ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි .

ජුනි මාසයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම එක්සත් ජනපදයට යෑම ක්‍රීඩා රාජ්‍යතාන්‍ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇති බව ඇය පවසා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT