මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන, ශ්‍යාම කුමාර මුණසිංහ විසින් රචනා කළ සිය කුලුඳුල් නවකතාව “ජැස්මින්” ගොඩගේ ප්රකාශනයක් ලෙස පසු ගියදිනක එළිදැක්විනි.
මීට ප්‍රථම වෙරළ සහ අතීතය, පාරමී සහ ඉරි නමින් කාව්‍ය සංග්‍රහ තුනක් රචනා කර ඇති ඔහු, පසු ගිය වසරේ “වාන් පතුල්” නමින් නවතම තේමා යටතේ රචිත කතා පුවත් දහයකින් යුත් කෙටි කතා එකතුවක් ද ලියා පළ කළේය.
දශක තුනකට පෙර කාලයකදී මෙරට දේශපාලනික වශයෙන් අස්ථාවර වී, සරසවි වසා තිබූ යුගයක තම කාලය, ශ්‍රමය, දැනුම මෙන්ම අත්දැකීම් අවවර ප්‍රසාදිත ළමා පරපුරක හෙට දිනය වෙනුවෙන් කැප කළ තරුණ වෙද සිසුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති මෙම කතා පුවත ඉතා විශ්වාසනීයව ගොඩ නැඟී ඇත.
එයට පෙරවදන සපයා ඇති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා මෙන්ම, පසුවදන රචනා කර ඇති සම්මානනීය කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා ද තම සටහන් තුළ ඒ බව මනාව සටහන් කර ඇත. එසේම මෙම කෘතිය පුරාම දැක්වෙන විවිධ පරිසර වර්ණනා මෙන්ම, සිදුවීම් පිළිබඳ සටහන් ඉතාම සිත්ගන්නා සුලු ලෙස සහ තාත්විකව ඉදිරිපත් කර ඇතිබව ද විශේෂයෙන්ම සටහන් කළ යුතුය. මෙලෙස සැමට අමතක වී ගිය, අවවර ප්‍රසාදිත ළමා පරපුරකට සියල්ල දුෂ්කර යැයි අධෛර්යයට පත් නොවී, ඉගෙනුම තුළින් ජීවිතය ජය ගන්නට, ඉතා සරල මෙන්ම ප්‍රායෝගික අත්පොතක් ලෙස මෙය සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.