Saturday, May 18, 2024
Home » සති­ම­ත්භා­වය පිළි­බඳ වැඩ­ස­ට­හන ජාත්‍ය­න්ත­ර­ය­ටත් ගෙන යනවා

සති­ම­ත්භා­වය පිළි­බඳ වැඩ­ස­ට­හන ජාත්‍ය­න්ත­ර­ය­ටත් ගෙන යනවා

ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත

by damith
May 6, 2024 1:04 am 0 comment

යුනෙ­ස්කෝව සහ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය හරහා ජාත්‍ය­න්ත­ර­ය­ටත් සති­ම­ත්භා­වය පිළි­බඳ වැඩ­ස­ට­හන ගෙන යන බව අධ්‍යා­පන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (03) කැල­ණිය නාගා­නන්ද බෞද්ධ අධ්‍ය­යන ආය­තන පරි­ශ්‍රයේ පැවති ගෝලීය සති සමු­ළු­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“පාසල් පද්ධ­තිය තුළ මෙන්ම උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රය තුළත් සති­ම­ත්භා­වය සංව­ර්ධ­නය කිරීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මෙන් නිසි මාන­සික ඒකා­ග්‍ර­තා­ව­කින් යුතුව සිසුන්ට පහ­සු­වෙන් ඉගෙ­නුම් ක්‍රියා­ව­ලියේ නිරත වීම­ටත්, ගුරු­භ­ව­තුන්ට නිසි ලෙස ඉගැ­න්වීම් සිදු කිරී­ම­ටත් අව­කාශ සැල­සෙ­නවා. එම­ඟින් අධ්‍යා­ප­නයේ පරි­ව­ර්ත­නීය වෙනස, වඩාත් කාර්ය­ක්ෂම සහ ඵල­දායී අයු­රින් සිදු කිරී­මට අපේක්ෂා කර­නවා.

වර්ත­මා­නයේ ලොව ප්‍රකට වෛද්‍ය විද්‍යා­ල­වල පවා දේශන පැවැ­ත්වීම සිය­යට 30කට සීමා කර ප්‍රායෝ­ගික අධ්‍ය­යන කට­යුතු සඳහා වැඩි ඉඩක් දෙනවා. මේ සම්බ­න්ධව අව­ධා­නය යොමු කර­මින් මෙරට විශ්ව­වි­ද්‍යාල පද්ධ­තියේ ප්‍රධා­නීන්ගේ ද සහ­භා­ගී­ත්වය ඇතිව මේ පරි­ව­ර්ත­නීය අධ්‍යා­පන වෙනස සිදු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. විද්‍යා තාක්ෂණ විෂය පද­නම් කර ගත් කුමන අධ්‍යා­පන පරි­ව­ර්තන ක්‍රියා­දා­ම­යක් තුළ වුවත් අව­සන් විග්‍ර­හ­යේදී මාන­සික ඒකා­ග්‍ර­තා­වට හිමි වන්නේ අද්වි­තීය ස්ථාන­යක්. ඒ අනුව සති­ම­ත්බව පිළි­බඳ සංක­ල්පයේ ඇති වැද­ග­ත්කම නිසාම එය ජාත්‍ය­න්තර තලය දක්වා ගෙන යෑමේ අපේ­ක්ෂා­වෙන් යුනෙස්කෝ සංවි­ධා­නයේ සහාය ඊට ප්‍රථ­ම­යෙන් ගැනී­මට අපේක්ෂා කර­නවා. එහි ඉදිරි පිය­ව­රක් ලෙස එළැ­ඹෙන 23 වැනිදා පැරිස් නුව­රදී වෙසක් දිනය සම­ර­නවා. යුනෙස්කෝ සංවි­ධා­න­ය­ටත් මේ සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඉදි­රි­පත් කිරී­මට අපේක්ෂා කර­නවා. යුනෙස්කෝ සංවි­ධා­නයේ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට මා තේරී පත්ව සිටීම මෙහිදී යම් පහ­සු­වක් වෙනවා. ඉදි­රි­යේදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට ද මේ සංක­ල්පය ඉදි­රි­පත් කිරී­මට ක්‍රියා කර­නවා.

මේ සති පාසල් සංක­ල්පයේ නිර්මා­තෘ­ව­රයා වන්නේ උඩ­ඊ­රි­ය­ගම ධම්ම­ජීව නාහි­මි­යන්. උන්ව­හන්සේ සමඟ ක්‍රියා­කා­රීව පව­ත්වා­ගෙන ගිය සති පාසල් වැඩ­ස­ට­හන වසර දෙකක කාල­යක් තුළ රට තුළ සහ එයින් ඔබ්බට ද ගෙන යෑමට හැකි වුණා. මේ සඳහා අධ්‍යා­පන ක්ෂේත්‍රයේ අවශ්‍ය පුහු­ණු­ක­රු­වන් පුහුණු කිරීමේ වැඩ­ස­ට­හන මේ වන විටත් සාර්ථ­කව කලාප මට්ට­මින් ක්‍රියා­ත්මක වෙනවා. මේ කාර්යය ඉදි­රි­යට ගෙන යෑමට සියලු දෙනාගේ කැප­වීම සහ සහ­යෝ­ගය අත්‍ය­ව­ශ්‍යයි.”

මේ අව­ස්ථා­වට අකු­ර­ටියේ නන්ද හිමි­යන් ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය ද, අන්‍යා­ග­මික පූජ­ක­ව­රුන් ද, ආර­ක්ෂක ලේකම් ජෙන­රාල් කමල් ගුණ­රත්න, පොලි­ස්පති දේශ­බන්ධු තෙන්න­කෝන්, නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා සහ ගෝලීය සති සමු­ළුවේ සභා­පති රංජන් වල­පොල මහ­ත්ව­රුන් ඇතුළු අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු ද එක්ව සිටි­යහ.

සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT