Sunday, May 11, 2025
Home » දෑස­මන් මලක සුවඳ විහි­දු­වන ජැස්මින්

දෑස­මන් මලක සුවඳ විහි­දු­වන ජැස්මින්

by damith
May 6, 2024 1:04 am 0 comment

මහා බ්‍රිතා­න්‍යයේ වෛද්‍ය­ව­ර­යෙකු ලෙස සේවය කරන, ශ්‍යාම කුමාර මුණ­සිංහ විසින් රචනා කළ සිය කුලු­ඳුල් නව­ක­තාව “ජැස්මින්” ගොඩගේ ප්‍රකා­ශ­න­යක් ලෙස පසු ගිය­දි­නක එළි­දැ­ක්විනි.

මීට ප්‍රථම වෙරළ සහ අතී­තය, පාරමී සහ ඉරි නමින් කාව්‍ය සංග්‍රහ තුනක් රචනා කර ඇති ඔහු, පසු ගිය වසරේ “වාන් පතුල්” නමින් නව­තම තේමා යටතේ රචිත කතා පුවත් දහ­ය­කින් යුත් කෙටි කතා එක­තු­වක් ද ලියා පළ කළේය.

දශක තුන­කට පෙර කාල­ය­කදී මෙරට දේශ­පා­ල­නික වශ­යෙන් අස්ථා­වර වී, සර­සවි වසා තිබූ යුග­යක තම කාලය, ශ්‍රමය, දැනුම මෙන්ම අත්දැ­කීම් අව­වර ප්‍රසා­දිත ළමා පර­පු­රක හෙට දිනය වෙනු­වෙන් කැප කළ තරුණ වෙද සිසු­වෙ­කුගේ ජීවි­තය වටා ගෙතී ඇති මෙම කතා පුවත ඉතා විශ්වා­ස­නී­යව ගොඩ නැඟී ඇත.

එයට පෙර­ව­දන සපයා ඇති මහා­චාර්ය ප්‍රණීත් අභ­ය­සු­න්දර මහතා මෙන්ම, පසු­ව­දන රචනා කර ඇති සම්මා­න­නීය කතු­වර මහින්ද ප්‍රසාද් මස්ඉ­ඹුල මහතා ද තම සට­හන් තුළ ඒ බව මනාව සට­හන් කර ඇත. එසේම මෙම කෘතිය පුරාම දැක්වෙන විවිධ පරි­සර වර්ණනා මෙන්ම, සිදු­වීම් පිළි­බඳ සට­හන් ඉතාම සිත්ගන්නා සුලු ලෙස සහ තාත්වි­කව ඉදි­රි­පත් කර ඇති­බව ද විශේ­ෂ­යෙන්ම සට­හන් කළ යුතුය. මෙලෙස සැමට අම­තක වී ගිය, අව­වර ප්‍රසා­දිත ළමා පර­පු­ර­කට සියල්ල දුෂ්කර යැයි අධෛ­ර්ය­යට පත් නොවී, ඉගෙ­නුම තුළින් ජීවි­තය ජය ගන්නට, ඉතා සරල මෙන්ම ප්‍රායෝ­ගික අත්පො­තක් ලෙස මෙය සඳ­හන් කිරීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT