කතරගම කාලි දේවාලේ ප්‍රධාන පූසාරිවරයා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගංජා තොගයක් සමග මාතර නගරයේදී ඊයේ (5) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත ඔහු ගමන් ගත් වෑන් රිය පරීක්ෂා කිරීමේදී මොහු සතුව තිබී දේශීය ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වී ඇත. ප්‍රධාන පූසාරිවරයා සමඟ ඔහුගේ සහායකයා, වෑන් රියේ රියැදුරු සහ ගංජා මිල දී ගැනීමට පැමිණි වැලිගම පැලෑනේ අවුරුදු 16ක තරුණයෙක්ද මෙහිදී අත්අඩංගුවට ගැනුණහ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩු වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි කොටවිල පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) එම්. කරුණාරත්න, අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරන, (උ.පො.ප) නිලන්ත, (පො.සැ) 59356 නීල් බුද්ධික මහත්වරුන් විසින් වැඩි දුරටත් පරීක්ෂණ සිදු කෙරේ.