Monday, May 12, 2025
Home » මීග­මුවේ හමුදා සෙබ­ළකු අල්ලන්න පොලිස් දැල
කුලි­යා­පි­ටියේ තරු­ණයා අතුරුදන් කර අදට සති 2යි

මීග­මුවේ හමුදා සෙබ­ළකු අල්ලන්න පොලිස් දැල

by damith
May 6, 2024 1:20 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, කුලි­යා­පි­ටිය - මෙවිරු ධනන්
  • පෙම්ව­තියගේ නිවෙසට පිරිසක් ගිනි තබති
  • වයඹ හිටපු මහ ඇමැති අතුලගෙනුත් ප්‍රශ්න කරයි

කුලි­යා­පි­ටියේ පදිං­චිව සිටි 22 හැවි­රිදි විවා­හක තරු­ණ­යෙක් සිය පෙම්ව­ති­යගේ නිව­සට ගොස් අතු­රු­දන්ව සති දෙකක කාල­යක් මේ වන විට ගතවී ඇතත් ඔහුව මෙතෙක් සොයා ගැනී­මට හැකි­යා­වක් ලැබී නැත. මෙම තරු­ණයා ජීව­තුන් අතර සිටීද? නැති­නම් මරා දමා තිබේ­දැයි කියා­වත් පොලි­සි­යට මෙතෙක් සිතා ගැනී­මට නොහැකි බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

මෙම තරු­ණ­යාගේ අතු­රු­දන් කිරීම පිටු­පස මීග­මුව කුරණ පදිංචි හමු­දාවේ පුද්ග­ල­යෙකු‌ගේ සම්බ­න්ධ­යක් දුර­ක­තන ජාල විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී තිබේ. එම සෙබ­ළාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඊයේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් යොදවා තිබිණි.

තරු­ණයා අතු­රු­දන් කිරීම තරු­ණ­යාගේ පෙම්ව­ති­යගේ පියා වූ සිඟිති නමැත්තා සැල­සු­ම්කර තිබී ඇත්තේ පසු­ගිය 21 වැනි­දාය. එදින එම සැල­සුම ක්‍රියා­ත්මක නොවන්නේ අතු­රු­දන්ව සිටින සුසිත් ජය­වංශ නොහොත් සුසී නමැති තරු­ණයා එදා ජීප් රථ­යක නැ‍ඟී පිරි­සක් සමඟ පෙම්ව­ති­යගේ නිව­සට ගොස් ඇති බැවිනි.

“ඥාති කට්ටි­යක් ඇවිල්ලා. හෙට උදේට හම්බ­වෙමු.” යැයි කියා 21 වෙනිදා තරු­ණ­යාව මග­හැර ඇති බවත් 22 වැනිදා උදෑ­සන 9.30ට පමණ නැවත තරු­ණ­යාගේ නිව­සට ගිය අව­ස්ථාවේ සිට තරු­ණයා අතු­රු­දන්ව ඇති බවත් පොලි­සිය කියයි.

තරු­ණයා අතු­රු­දන් කිරී­මට මුලින් සැල­සුම් කළේ යැයි කියන දිනයේ දී වයඹ පළාත් මහ ඇමැ­ති­ව­ර­යාව සිටි අතුල විජේ­සිංහ මහ­තාට පෙම්ව­ති­යගේ පියා වන සිඟිති නමැත්තා දුර­ක­තන ඇම­තු­මක් ලබා දී ඇති බව ද පොලි­සිය හෙළි­ක­ර­ගෙන තිබිණි.

නීති­ඥ­ව­ර­යෙක් වන අතුල විජේ­සිංහ මහ­තාගේ නිව­සට මෙම තරු­ණ­යාව රැගෙන ගිය බවට වූ තොර­තුරු පොලි­සි­යට ලැබී තිබිණි. ප්‍රශ්න කිරීම් හමුවේ අතුල විජේ­සිංහ මහතා පොලි­සි­යට පවසා ඇත්තේ තරු­ණ­යාගේ අතු­රු­ද­න්වීම ගැන කිසි­වක් තමා නොදන්නා බවය. සිය දිය­ණිය තරු­ණ­යෙක් අතින් දූෂ­ණය වී දරු­වෙක් ලැබී­මට සිටින බවත් ඔහු විවා­හ­ක­යෙක් බවත් පව­ස­මින් තමා­ගෙන් නීති උප­දෙස් පැතූ බව ඔහු පව­සයි. එහිදී පෙම්ව­ති­යගේ පියා වන සිඟිති නමැත්තා සිය දිය­ණි­යට වූ අප­රා­ධය ගැන ආවේ­ග­යෙන් කතා­කළ බවත් එහි දී නීති­ඥ­යෙක් ලෙස තමා ඔහුට උප­දෙස් දුන්නේ පොලි­සි­යට ගොස් ඒ ගැන පැමි­ණිලි කරන ලෙසත් බව අතුල විජේ­සිංහ මහතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳ­හන් කර ඇත.

“මම පොලිසි යන්නේ නැහැ. නඩු අහ­න්නෙත් මමයි දඬු­වම් දෙන්නෙත් මමයි” යැයි එහි දී සිඟිති නමැති අය තමාට පැවසූ බව ද අතුල විජේ­සිංහ මහතා පවසා ඇත. තරු­ණයා අතු­රු­දන් වූ දින තමා නිවසේ නොසිටි බවත් සිය දරුවා එංග­ල­න්තයේ සිට පැමිණි බැවින් ඔහු ගෙන ඒමට ගුව­න්තො­ටු­පො­ළට ගොස් සිටි බවත් වැඩි­දු­ර­ටත් අතුල විජේ­සිංහ මහතා පවසා ඇත.

පෙම්ව­ති­යගේ පියා වන සැක­කාර සිඟිති සහ අතුල විජේ­සිංහ මහතා දේශ­පා­ල­නික වශ­යෙන් ඉතා කිට්ටු සම්බ­න්ධ­යක් ඇති අය බව පොලි­සිය කියයි. සිය දිය­ණි­යට වූ අප­රා­ධය ගැන අතුල විජේ­සිංහ මහ­තාට ඔහු දැනුම් දී ඇත්තේ එබැ­විනි. අතුල විජේ­සිංහ මහතා මෙම අප­රා­ධ­යට ආධාර හා අනු­බල දුන් බව හෝ ඒ ගැන දැන සිටි බවක් මෙතෙක් පැහැ­දි­ලිව සාක්ෂි සහි­තව අනා­ව­ර­ණය නොවන බව කුලි­යා­පි­ටිය මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක වජිර ඉන්ද්‍ර­ජිත් මහතා සඳ­හන් කළේය.

තරු­ණ­යාව රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ­යක දමා­ගෙන මාදම්පේ පනි­රෙ­න්ඩා­වට රැගෙන ගොස් ඇති බවට තොර­තු­රුද ලැබී තිබේ. ඒ අනුව පනි­රෙ­න්ඩාව රක්ෂි­තය පීර­මින් මේ වන විට මෙහෙ­යු­මක් දිය­ත්කර ඇත්තේ තරු­ණයා ගැන යම් හෝඩු­වා­වක් සොයාය. පොලිස් නිල සුනඛ අංශ­යේද සහය ඒ සඳහා ලබා­ගෙන ඇත.

මේ අතර සිඟිති ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් පලා­ගියේ යැයි අනා­ව­ර­ණය වී ඇති කුඩා වෑන් රථය මාතලේ විල්ග­මුවේ මාර්ග­යක් අයිනේ දමා­ගොස් තිබිය දී පෙරේදා (04) සොයා­ගෙන තිබිණි. මාර්ගය අයිනේ හිමි­ක­රු­වෙක් නොමැ­තිව තිබුණු මෙම වෑන් රථය ගැන පොලි­සි­යට කළ දැනු­ම්දී­මට අනුව සොයා­ගත් බව පොලි­සිය කියයි. මෙම වෑන් රථයේ ඡායා­රූප පසු­ගිය බදාදා පොලිස් මාධ්‍ය කොට්ඨා­සය විසින් මාධ්‍යට නිකුත් කරනු ලැබීය. පොලි­සිය විශ්වාස කරනු ලබන්නේ ඒ හේතු­වෙන් වෑන් රථය අත­හැර දමා යන්නට ඇති බවය. මෙම රථය බොහෝ­විට 03 වැනිදා රාත්‍රී කාලයේ මෙහි අත­හැර යන්නට ඇතැයි සැක­ක­රයි. ඒ බවට තොර­තුරු සොයා ආර­ක්ෂක කැමරා පරීක්ෂා කර­මින් සිටින බව පොලි­සිය සඳ­හන් කළේය. එක් පුද්ග­ල­යෙක් පම­ණක් පැමිණ මෙම වාහ­නය මෙහි නත­ර­කර ඇති බවට සැක­ක­රන තොර­තු­රුද ලැබී ඇත. වාහ­නය අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන්ද, ඇගිලි සල­කුණු අංශ­යද, පොලිස් නිල සුන­ඛ­යින් ද යොදා විම­ර්ශන පව­ත්වනු ලැබීය. එහිදී එක් ඇඟිලි සල­කු­ණක් වෑන් රථයේ තිබී හමුවී ඇත.

අතු­රු­දන් ව සිටින මෙම තරු­ණයා ජීව­තුන් අතර සිටී­දැයි සැක­ස­හිත බව පොලි­සිය කියයි.

මේ අතර මෙම සිද්ධි­යට සැක­ක­රු­ව­කුව සිටින සිඟිති නමැ­ත්තාගේ නිවෙ­සට කිසි­යම් පිරි­සක් පෙරේදා (04) රාත්‍රියේ ගිනි තබා ඇත. ගින්නෙන් නිවෙ­සට කාම­ර­ය­කට හා දේපො­ළ­ව­ලට සුළු අලා­භ­හානි සිදුව ඇතැයි පොලි­සිය පව­සයි. එමෙන්ම පොලි­සිය කියා සිටින්නේ සුසිත්ගේ අතු­රු­ද­න්වීම සම්බ­න්ධව පොලි­සිය සිය උප­රිම කැප­වීම යොද­ව­මින් සැක­ක­රු­වන් 5 දෙනෙ­කුද අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පසු­බි­මක මෙවන් කට­යු­තු­වල යෙදෙ­මින් අතු­රු­දන්වූ තරු­ණයා සෙවී­මට ඇති කාලය අපතේ නොය­වන ලෙසයි. එමෙන්ම අදාළ ගිනි තැබීම සිදු­වූයේ කෙසේද? කවු­රුන් විසින් කළාද? යන්නද පොලි­සිය මේ වන­වි­ටත් පරී­ක්‍ෂණ ආර­ම්භ­කර ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

කෙසේ වෙතත් පොලි­සිය තම කාර්ය ඉතා කැප­වී­මෙන් සිදු­ක­රන බව පැවසූ සුසිත් ජය­වං­ශගේ බාල සොයුරු සජිත් ප්‍රිය­වංශ ඉල්ලා සිටියේ දින 14ක් ඉක්මවා ගොස් ඇතත් තම සොහො­යුරා පිළි­බඳ කිසිදු තොර­තු­රක් නොමැති බවයි. තම පියාගේ ඇවෑ­මෙන් පසු තමාට පියා වූ සොයුරා සෙවීම හේතු­වෙන් දින 14ක් පුරා­වට හරි­හැටි රැකි­යා­වක් පවා කර­ගත නොහැ­කිව ඇති බවයි.

තම සොහො­යු­රාගේ රුව මාධ්‍ය මගින් පුළුල්ව ප්‍රචා­රය වී ඇති නිසා කවු­රුන් හෝ තොර­තු­රක් දැන­ග­ත­හොත් ළඟම ඇති පොලි­සිය දැනු­ම්වත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT