183
අහුලාගත් හෝ සොරකම් කරන ලද ජාතික හැඳුනුම්පත් උපයෝගි කරගෙන බැංකුවල ගිණුම් ආරම්භ කර විවිධ පුද්ගලයන් රවටා එම ගිණුම්වලට මුදල් තැන්පත් කරවාගෙන වංචනික ලෙස ලබා ගැනිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකි. ගාල්ල ප්‍රදේශයේ කාන්තාවකට විදේශයකින් නත්තල් තෑග්ගක් ඇදී ඇති බව පවසා එම කාන්තාවගෙන් රුපියල් තිස් නව ලක්ෂ පනස් හය දහසක් (3,956,000) ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන කරණ ලද පරීක්ෂණවලදි මෙම අලුත්ම තාලයේ වංචාව අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.