ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින පහේ ක්‍රිකට් ආකෘතියට සහභාගී වන ක්‍රීඩකයන් සඳහා තරග ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි කරයි. එහි පළමු පියවර ලෙස තරග ගාස්තු අමෙරිකානු ඩොලර් 7,500 සිට 15,000 දක්වා ඉහළ දමා ඇති අතර, එය දැනට ලැබෙන ගස්තුව මෙන් සියයට 100ක වැඩිවීමකි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන්ගේ දිරි ගැන්වීම ශක්තිමත් කිරීමේ අභිප්‍රාය ඇතිව, ටෙස්ට් ක්‍රිකට් ජයග්රහණයකදී අමෙරිකානු ඩොලර් 12,500ක් හා පරාජයකදී වුවද අමෙරිකානු ඩොලර් 10,000ක් හිමි වේ.
දැනට විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ ශීඝ්‍ර වර්ධනය හමුවේ එම අභියෝගවලට මුහුණ දෙමින් ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ඉහළ දැමීමට ලොව බොහෝ රටවල් තරග ගාස්තු හා දිරි ගැන්වීම් වැඩි කොට ඇත. වැඩියෙන් ක්‍රීඩකයින් ‘රතු පන්දු’ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම දිරිමත් කිරීම මෙමගින් සිදුකළ හැකි බව ක්‍රිකට් පරිපාලනයේ අදහස වේ.
මේ ගෙවීම් වැඩි කිරීම හුදෙක් මූල්‍යමය කරුණු මත පමණක් නොව ක්‍රීඩකයින් අතර අභිමානය සහ ජනප්‍රියත්වය වර්ධනය කිරීමක් ලෙසද සැලකේ. වඩාත් තරගකාරී ගෙවීම් ලබා දීමෙන්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණවී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයන් වසරකට ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග කිහිපයක් පමණක් වන අතර, ඔවුන්ගේ ආදායම එක්දින හා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටින ක්‍රීඩකයින්ට වඩා සීමා වී ඇත. ඔවුන්ට ලොව පුරා ලීගවලට ක්‍රීඩා කිරීමෙන් මුදල් උපයා ගැනීමේ අවස්ථාව තිබුණද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට එවැනි අවස්ථා නැත.