Sunday, May 19, 2024
Home » ක්‍රිකට් තරු ලක්ෂ ගණ­නින් අලෙවි වන එල්පී­එල් දැවැන්ත වෙන්දේ­සිය 21 දා

ක්‍රිකට් තරු ලක්ෂ ගණ­නින් අලෙවි වන එල්පී­එල් දැවැන්ත වෙන්දේ­සිය 21 දා

by damith
May 6, 2024 1:14 am 0 comment

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලියේ දෙස් – විදෙස් ක්‍රිකට් තරු මිල දී ගන්නා දැවැන්ත වෙන්දේ­සිය මේ මස 21 දා කොළඹ ෂැංග්‍රිලා හෝට­ල­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ ආර­ම්භක සංස්ක­රණ තුනේදී, ක්‍රීඩ­ක­යන් තෝරා ගනු ලැබුවේ ‘ක්‍රීඩක කෙටු­ම්ප­තක්’ මඟින් වුවද, පසු­ගිය වසරේ සිට එය දැවැන්ත ක්‍රීඩක වෙන්දේ­සි­ය­කින් ඉටු කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් පිය­වර ගත්තේය. සෑම කණ්ඩා­ය­ම­ක­ටම උප­රිම වශ­යෙන් ක්‍රීඩ­ක­යන් 24ක් සහ අවම වශ­යෙන් ක්‍රීඩ­ක­යන් 20ක් සංචි­ත­ගත කිරීමේ හැකි­යාව ඇත.

පසු­ගිය වසරේ කණ්ඩා­ය­මක සිටි දේශීය ක්‍රීඩ­ක­යන් 4ක් හා විදේ­ශීය ක්‍රීඩ­ක­යන් 2ක් මෙවර ද රඳවා ගැනීමේ හැකි­යාව ලබාදී ඇති අතර, ඍජු බඳවා ගැනී­ම්ව­ලදී කණ්ඩා­ය­ම­කට විදේ­ශීය ක්‍රීඩ­ක­යන් 4ක් අලු­තින් බඳවා ගැනී­මට අව­ස්ථාව සැලසේ. මේ 10 වැනි­දාට පෙර සියලු කණ්ඩා­යම් රඳවා ගන්නා ක්‍රීඩ­ක­යන්ගේ නාම ලේඛ­නය ප්‍රසිද්ධ කිරී­මට සංවි­ධා­ය­කයෝ සූදා­න­මින් සිටිති. අවු­රුදු 23න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෙක් ක්‍රීඩා කිරීම මේ තර­ගා­ව­ලියේ අනි­වාර්ය කර ඇත. මෙවර ක්‍රීඩක කෙටු­ම්ප­තට (Player draft) විදෙස් ක්‍රීඩ­ක­යන් 500ක් පමණ ලියා­ප­දිංචි වී සිටින අතර වෙන්දේ­සි­යට ක්‍රීඩ­ක­යන් 150ක් දක්වා අඩු­කොට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. ලියා­ප­දිංචි වූ ක්‍රීඩ­ක­යන් අතරේ වැඩි වශ­යෙන් පාකි­ස්තා­නය, නව­සී­ල­න්තය, බංග්ලා­දේ­ශය, දකුණු අප්‍රි­කාව, ඇෆ්ග­නි­ස්තා­නය සහ සිම්බාබ්වේ රට­වල ක්‍රිකට් තරු ඇතු­ළත්ව සිටිති.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT