Sunday, May 19, 2024
Home » ජවිපෙ සන්නද්ධ ක්‍රියාවලියකට සූදානම් වෙනවා

ජවිපෙ සන්නද්ධ ක්‍රියාවලියකට සූදානම් වෙනවා

by damith
May 6, 2024 1:14 am 0 comment

ජනතා විමුක්ති පෙර­මුණ නැවත සන්නද්ධ ක්‍රියා­ව­ලි­ය­කට සුදා­නම් වෙන­වා­දැයි සැක මතුවන බව සමඟි ජන බල­වේ­ගයේ ප්‍රධාන විධා­යක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැ­සීය.

ජනතා විමුක්ති පෙර­මුණේ රජ­යක් යටතේ නීතිය ක්‍රියා­ත්මක කිරීමේ බලය ජවිපෙ සාමා­ජි­ක­යන්ට ලබා­දෙන බවට කේ.ඩී ලාල්කාන්ත මහතා සිදු­කළ ප්‍රකා­ශය රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට බර­ප­තළ තර්ජ­න­යක් බව සමඟි ජන බල­වේ­ගයේ ප්‍රධාන විධා­යක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැ­සීය. කොළඹ විපක්ෂ නායක කාර්යා­ල­යේදී පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා ඊයේ (05) මේ බව සඳ­හන් කළේය. 88, 89 කාල වක­වා­නුවේ දස දහස් ගණ­න­කගේ මර­ණ­යට පාර කපපු දේශ­පා­ලය නැවත මතු­වෙ­මින් තිබෙ­නවා. ජනතා විමුක්ති පෙර­මු­ණට සුළු සාමා­ජි­ක­යන් පිරි­සක් සිටින කාල වක­වා­නුවේ ජනතා විමුක්ති පෙර­මුණේ ග්‍රාමීය කමිටු හරහා යුක්ති පස­ඳ­ලීම සිදු කළා අපිට මත­කයි. ඒ හරහා පුද්ගල ඝාතන රැසක් සිදු වුණා. ඔවුන් නඩු අහල පුද්ග­ල­යන්ට දඬු­වම් නියම කළා. සම­හර පිරිස් ඝාත­නය කළා. මයි­කල් රොද්‍රිගෝ පිය­තුමා, මොර­ටුව සර­ස­ර­වියේ උප­කු­ල­ප­ති­ව­රයා, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ස්ටැන්ලි විජේ­සු­න්දර වගේ පුද්ග­ල­යන් මරා දමන්න තීර­ණය කළේ ජනතා විමුක්ති පෙර­මුණ විසින්. ඔවුන් යුක්තිය පස­ඳ­ලීම කළේ එහෙ­මයි. ජනතා විමුක්ති පෙර­මුණේ ත්‍රස්ත­වාදි ක්‍රියා­දා­ම­යට, මත­වා­ද­යට විරුද්ධ පිරිස ඔවුන් මරා දැම්මා. ඒ ත්‍රස්ත­වාදි ව්‍යාපා­රයේ නාය­ක­යෙක්ව සිටි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙර­මුණේ මැයි දින­යට පැමිණි සෙනඟ දැකලා ඔහුට කිය­වුණා නීතිය ක්‍රියා­ත්මක කිරීමේ බලය සහ අධි­ක­රණ බලය ලබා­දෙ­නවා කියලා.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT