Sunday, May 19, 2024
Home » මධු­ෂ්කගේ ශත­කය අපතේ

මධු­ෂ්කගේ ශත­කය අපතේ

by damith
May 6, 2024 1:15 am 0 comment

නායක නිශාන් මධුෂ්ක රැස් කළ ශත­කය යට කර­මින් රියාස් හසන් රැස් කළ ශත­කය හේතු­වෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමඟ පැවති සිව්වැනි නිල නොවන එක්දින තර­ග­යෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනී­මට සංචා­රක ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.

හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩ­කයෝ කඩුලු 7ක් දැවී ලකුණු 276ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා­ගිය ඇෆ්ගන් පිල පන්දු 2ක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ කඩුල 6ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

කෙසේ වෙතත් තර­ගා­ව­ලියේ මුල් තරග 3 ජය ගැනීම හේතු­වෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් 3-1ක් ලෙස තර­ගා­ව­ලිය ජය ගෙන තිබේ.

ඇෆ්ගන් ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් රියාස් හසන් මේ තර­ගා­ව­ලියේ දෙවැනි ශත­කය ලෙස ලකුණු 106ක් රැස් කළේය. පන්දු 128කදී හතරේ පහර 11කින් ඉනිම ගොඩ­නැඟූ ඔහුට අනගි සහා­යක් දුන් සුබ­යිඩ් අක්බාරි පළමු කඩු­ල්ලට ලකුණු 133ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ අතර, ඔහු ලකුණු 68කට දැවී ගියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යව­න්නන් තර­ගය ඇද බැඳ ගැනීම නිසා දෙපි­ලට දෝල­නය වූ තර­ගය අංක 6 පිති­කරු ලෙස පිටි­යට නන්ගෙ­ය­ලියා කරෝටි තම කණ්ඩා­යම දෙසට හරවා ගත්තේ පන්දු 29කින් ලකුණු 40ක් රැස් කර­මිනි. පන්දු යැවී­මේදී දුෂාන් හේමන්ත කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනු­වෙන් නාය­ක­ත්වයේ ඉනි­මක් ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක පන්දු 127කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සම­ඟින් ලකුණු 115ක් රැස් කළේය. මුල් පෙළ පිති­ක­රු­වන් අඩු ලකුණු ගණ­න­කට දැවී යද්දී 5 වැනි කඩු­ල්ලට මධුෂ්ක සමඟ එක් වූ සොනාල් දිනූෂ පන්දු 78කින් ලකුණු 78ක් රැස් කර­මින් ලකුණු 137ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟු­වේය.

පන්දු යැවී­මේදී බිලාල් සාමි සහ ක්වයිස් අහ­මඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.

දෙපිල අතර අව­සන් එක්දින තර­ගය හෙට (7) හම්බ­න්තො­ට­දීම පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ – 275/7 (ඕවර 50) නිශාන් මධුෂ්ක 115, සොනාල් දිනූෂ 78 (බිලාල් සාමි 54/3, ක්වයිස් අහ­මඩ් 62/3)

ඇෆ්ගන් ‘ඒ’ – 276/6 (ඕවර 49.4) රියාස් හසන් 106, සුබ­යිඩ් අක්බාරි 68, නන්ගෙ­ය­ලියා කරෝටි 40 (දුෂාන් හේමන්ත 39/2)

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT