Home » 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී ලෝකඩ පදක්කම් ලැබූ ටක්ෂිමාට හරසර

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී ලෝකඩ පදක්කම් ලැබූ ටක්ෂිමාට හරසර

by sachintha
May 7, 2024 1:20 am 0 comment

21 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කමක්

හිමිකර ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් ටක්ෂිමා නුහංසා කොඩිතුවක්කු ක්‍රීඩිකාවට, ඇයගේ පුහුණුකරු අමිල හපුගල මහතාට හා ක්‍රීඩා භාර ආචාර්ය අමිල කුෂාන්ත මහතාට හරසර දැක්වීමේ උත්සවයක් ඇය ඉගෙනුම ලබන මාතර මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.

විදුහල්පති ප්‍රියන්ත කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාලයීය සිසු දරු දැරියන් හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ හරසර දැක්වීමේ වැඩසටහනේදී ටක්‍ෂිමා සහ ඇයගේ පුහුණුකරුවන් පිළිගෙන විවෘත රථයක නංවා වීථි සංචාරය කිරීමත්, විද්‍යාලයට පැමිණීමේදී හරසර දැක්වීමත් සිදු කෙරිණි.

තිහගොඩ, කෝමංගොඩ උපන් ටක්ෂිමා නුහංසා තිහගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන්

ශිෂ්‍යත්ව සමත්ව මාතර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර එහිදී ඇයගේ දක්ෂතාව හඳුනාගත් එවක ක්‍රීඩා භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කළ අමිල හපුගල මහතා විසින් මලල ක්‍රීඩා තරග ඉසව් සඳහා යොමු කර අවශ්‍ය පුහුණුව ලබාදීමෙන් පසු මේ දක්වා විවිධ වයස් කාණ්ඩවලදී ශූරතා රැසක් හිමි කර ගැනීමට සමත්ව ඇත.

ඇය මෙතෙක් පෙන්වා ඇති දක්ෂතා අතර 2019 ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 400 තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීම, 2022 හා 2023 වසරවලදී මාතර කලාප හා දකුණු පළාත් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිවලදී වයස අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්ව ඇත. එමෙන්ම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ප්‍රථම ස්ථානය මෙන්ම ජාතික ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද මීටර් 400 තරගයේදී ප්‍රථම ස්ථානය ද හිමිකරගෙන ඇත.

 

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT