Monday, May 20, 2024
Home » රාගම රණවිරු සෙවණේ දී කෘත්‍රිම අත් පා නිශ්පාදනය කිරිම ඇරඹෙයි

රාගම රණවිරු සෙවණේ දී කෘත්‍රිම අත් පා නිශ්පාදනය කිරිම ඇරඹෙයි

by yasara
May 8, 2024 11:25 am 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ යුද්ධ හමුදා පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේදීකෘත්‍රිම අත් පා නිශ්පාදනය කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙයි.

මෙම වැඩසටහන මගින් දෙරටෙහි සුහදතාවය සහ සහයෝගීතාවය වර්ධන කිරීම සඳහා ජාතීන් දෙකෙහිම කැපවීම අවධාරනය කරයි.

 එමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් බැඳීම සංකේතවත් කරනවා පමණක් නොව, තම ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ හෝ ආබාධිතභාවය නිසා අභියෝගවලට මුහුණ දුන් අයට සහය වීමට සාමූහික ප්‍රයත්නයක් ද පෙන්නුම් කරයි.

කෘතිම අත් පා නිශ්පාදනය කිරීම සඳහා විශේෂඥ දැනුමකින් යුත් ඉන්දිය ජාතකයින් 8 දෙනෙකුගේ සම්පත් දායකත්වයෙන් 2024 මැයි මස 3 වන දින ආරම්භ වූ මෙම වැඩමුළුව 2024 මැයි 23 වන දින අවසන් කිරීමට නියමිතයි.එහිදි අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයින් 375 දෙනෙකු සඳහාද ගුවන්, නාවික හා පොලිසියේ සාමාජිකයින් 75 දෙනෙකු වෙනුවෙන්ද කෘතිම අත් පා බෙදා දීමට නියමිතය

මෙයට අමතරව සිවිල් වැසියන් 200 දෙනෙකු සඳහාද කෘතිම අත් පා බෙදාද දීම සඳහා සැලසුම් කර ඇත.

යුද්ධ හමුදා සාමාජිකයින් 04 දෙනෙකු වෙත සංකේතාත්මකව කෘතිම අත් පා පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය.

 මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා රාගම රණවිරු සෙවණේ සේනාවිධායක ඇතුළු යුද හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT