Monday, May 20, 2024
Home » අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙක්ගේ සිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙක්ගේ සිරුරක් හමුවෙයි

by yasara
May 8, 2024 11:34 am 0 comment

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හදුන් දිවියෙකුගේ සිරුරක් අද  (08) දින හමු වු බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. හැටන්

පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළදු කැළැවක මියගිය හදුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත හදුන් දිවියාගේ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇති හදුන් දිවියා හොදින් වැඩුණු සතෙකු බවත් , හදුන් දිවියාගේ උදරයේ සහ පසුපස ප්‍රදේශයේ විශාල තුවාලයක් සිදු වි ඇති බවත්, හදුන් දිවියන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් හදුන් දිවියෙකු බරපතල ලෙස තුවාල ලැබිමෙන් පසු මියයන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසා සිටි බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.

මියගිය හදුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට භාරදිමට කටයුතු කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT