Home » බළපිටියේ රෝගීන්ට සිංහයන්ගෙන් විවේකාගාරයක් සහ බෙහෙත් කවුළුවක්

බළපිටියේ රෝගීන්ට සිංහයන්ගෙන් විවේකාගාරයක් සහ බෙහෙත් කවුළුවක්

by sachintha
May 8, 2024 1:45 am 0 comment

බළපිටිය මූලික රෝහලේ තිබූ ප්‍රධානතම අඩුවක් වූ සායනවලින් දිනපතා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ පහසුව තකා විවේකාගාරයක් සහ බෙහෙත් නිකුත් කරන ස්ථානයක් අම්බලන්ගොඩ සිංහ සමාජයේ මෙහෙයවීමෙන් ඉදිකොට රෝගීන් වෙත භාරදීම සිදුකෙරිණි.

අම්බලන්ගොඩ ඇඩ්වින්ස් ඡායාරූප සමාගමේ අධිපති කේ. සරත් ශාන්ත ද සිල්වා මහතාගේ ඡායාරූපකරණයට හැට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ තිස් පහක පමණ වියදමකින් මෙය ඉදිකොට පරිත්‍යාග කෙරිණි.

මේ අවස්ථාවට බළපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී අතුල ක්‍රිශාන්ත, වෛද්‍ය චන්දන රත්නසිරි, අම්බලන්ගොඩ සිංහ සමාජයේ සභාපති සිංහ සහන් ජයසංඛ, ප්‍රාදේශීය සභාපති සිංහ කුමුදු හේමන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අහුන්ගල්ල සමූහ අනුර යසමිත් ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT