Home » ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගය අල්ලන්න එද්දී ලොරියත් දමා රියැදුරා පැන යයි

ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගය අල්ලන්න එද්දී ලොරියත් දමා රියැදුරා පැන යයි

by sachintha
May 8, 2024 1:59 am 0 comment

බිබිල නගරය ආසන්නයේදී තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඉකුත් (04) වැනිදා බිබිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

බිබිල පොලිසියේ උ.පො.ප. සමන්ත නිලධාරියාට ලද තොරතුරක් මත අලුයම එකයි හතළිහට පමණ සිදු කළ වැටලීමේදී ලොරි රථය නතර කරන ලෙස සංඥා කර ඇත.

එහිදී ලොරි රථයේ රියදුරු එය නවතා පලා ගොස් තිබේ.

ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි තේක්ක දැව කඳන් 31 තිබී ඇත.

අංක UPLH5434 දරන ලොරි රථය සහ දැව තොගය බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ සෙනරත් මහතාගේ උපදෙස් මත උ.පො.ප සමන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

ඩී. එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT