Home » හෝමාගම ප්‍රා/ලේ කාර්යාලයෙන් ලෝක මිහිකත දිනය සමරා විශේෂ වැඩසටහනක්

හෝමාගම ප්‍රා/ලේ කාර්යාලයෙන් ලෝක මිහිකත දිනය සමරා විශේෂ වැඩසටහනක්

by sachintha
May 8, 2024 1:59 am 0 comment

ලෝක මිහිකත දිනය සමරමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ගොඩගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණි.

පරිසරය සංරක්ෂණය කිරීමේ මූලික අරමුණ සහිතව, ලොව පුරා සමරනු ලබන මෙම දිනයෙහි අර්ථය වඩාත් තහවුරු කරමින්, පොළොව මත ජීවත්වන සියලුම ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිකත සලසමින්, එය සුරක්ෂණය, අනාගතය වෙත තිළිණ කිරීම සහ ජීවී පැවැත්ම ආදිය පිළිබඳව ඉතා වැදගත් දේශන ත්‍රිත්වයකින් මෙම වැඩසටහන සමන්විත විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු සත්ව විද්‍යා පර්යේෂක බුද්ධික අබේරත්න, කඩුවෙල මහ නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී අනුරාධ විජේවර්ධන යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වය ලබා දුන් මෙම වැඩසටහනට, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් සහ යෞවන සමාජ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ. ඩී. චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ වැඩසටහනට, ගොඩගම උතුර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වූ අතර, ඉඩම් පරිහරණ නිලධාරී සහ තරුණ සේවා නිලධාරී විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබුණි.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT