මෙරට සුහුරු සහ පරිසර හිතකාමී ගමනාගමනයේ පෙරගමන්කරුවෙකු වන City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට Lumala සමාගමේ අනුග්‍රහයෙන් පසුගිය අප්‍රේල් 23 වැනිදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ ZeroPlastic අවුරුදු උලෙළ සාර්ථක ලෙස නිමාවට පත්විය.
මෙම අවුරුදු උලෙළට දහසකට වැඩි තරුණ ප්‍රජාවක් සහභාගී වූ අතර, එහි විශේෂත්වය වූයේ වරක් පමණක් භාවිතයට ගන්නා කිසිදු ප්ලාස්ටික් ද්‍රව්‍යයක් නොමැතිව සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරීම ය. ඒ හරහා පිටත සමාජයට ද කදිම ආදර්ශයක් සැපයීමට ඔවුනට හැකිවිය. තව ද පාරිසරික තිරසරභාවය වෙනුවෙන් සාමූහික කැපවීමක් ප්‍රකට කළ මෙම වැඩසටහන මඟින් සම්ප්‍රදාය සහ පරිසර හිතකාමීත්වය යන අංශ දෙකම රැක ගනිමින් උත්සව සැමරීමට ඇති හැකියාව පිළිබඳව ද අගනා පණිවුඩයක් ඉදිරිපත් කිරීමට සමත් විය. සාම්ප්‍රදායික ක්‍රීඩාවල සිට සංස්කෘතික ඉදිරිපත්කිරීම් දක්වා සමස්ත අලුත් අවුරුද්දම තිරසරභාවය පිළිබඳ අවධාරණය කෙරෙන අවස්ථාවක් ලෙස සැලකිය හැක. එවන්
පසුබිමක, විනෝදය පිරුණු උත්සව අවස්ථාවකදී එය පරිසරයට හානියක් නොවන ලෙස සිදු කිරීමට ඇති හැකියාව, මෙම ප්ලාස්ටික්වලින් තොර අලුත් අවුරුද්ද හරහා සමාජගත විය.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසගේ උද්‍යෝගිමත් හැසිරීම තුළින් ද උත්සව සැමරීමේදී තමන් සතු පාරිසරික වගවීම සහ තිරසර ක්‍රම භාවිත කිරීමට ඇති නැඹුරුව කැපී පෙනුණි. ZeroPlastic Movement යනු විශ්වවිද්‍යාල, ආයතන සහ පාසල් ආදී විවිධ සමාජ ස්ථර නියෝජනය කර ස්වේච්ඡා සේවකයින් 10,000කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විශාලතම පරිසර ස්වේච්ඡා සංවිධානය යි. අධ්‍යාපනය සහ උපදේශනය තුළින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය මැඬලීම එම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වේ. විවිධ පරාසයක පාපැදි අලෙවි කරන Lumala සමාගම මෑතකදී Eco Hauler e-bikes ද හඳුන්වාදීමට කටයුතු කළේය. වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් ප්‍රතිලාභ සැලසෙන පරිසර හිතකාමීත්වය අගයන සමාගම්, ප්‍රජා සංවිධාන, රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන හරහා ද මේ වනවිට Lumala e-bikes වෙනුවෙන් විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.