Monday, May 20, 2024
Home » මාතර බන්ධනාගාර නිලධාරින්ගේ අවුරුදු උලෙළින්…

මාතර බන්ධනාගාර නිලධාරින්ගේ අවුරුදු උලෙළින්…

by sachintha
May 9, 2024 1:36 am 0 comment

මාතර බන්ධනාගාරයේ සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් සංවිධාන කළ බක්මහ උලෙළ ‘සූර්ය මංගල්‍යය-2024’පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදි පැවැත්විණි.

මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතාගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් වික්‍රම ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් විසින් සංවිධාන කළ මේ බක්මහ උලෙළ සඳහා බන්ධනාගාර නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 200කට ආසන්න පිරිසක් සහභාගි වූහ.ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු ක්‍රීඩා අංග රැසක් පවත්වා ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT