Monday, May 20, 2024
Home » බුද්ධ ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

බුද්ධ ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

by sachintha
May 9, 2024 1:36 am 0 comment

 

කවියෙන් ජනතා සිත් පිනවන්න උපන් හැකියාවක් ඇති දුම්රිය ස්ථාන සහායකයකු ලෙස සේවය කරන අයි. හර්ෂ කිත්සිරි ප්‍රනාන්දු මහතා බුද්ධ ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි. ඒ මහතා දහම් පාසල් දරුවන්ට පොත්පත් ලබාදීම,අසරණයන්ට ලෙඩට දුකට පිහිටවන කාරුණික අයෙකි.

ඔහු දන්කොටුව, බුජ්ජම්පොළ කනිෂ්ඨ විද්‍යාලය සහ මුන්දලම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව වෑකඩ මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. ඔහු දහම් පාසල් අධ්‍යාපනය දන්කොටුව කළුවච්චිමුල්ල සුභද්‍රාරාම විහාරය හා කුඩාවිල බෝධිවංශාරාම විහාරයේ වසර 10ක් ආචාර්ය හා පුස්තකාලයාධිපති තනතුරු දරමින් සිටී. මෙත් විජය ජාත්‍යන්තර බෞද්ධ එකමුතුවේ ලේකම්, පුත්තලම ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මේ ගෞරව සම්මාන පිරිනැමීමේ උලෙළ සංවිධාන කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT