Monday, May 20, 2024
Home » වැඩිවියට පත්වූවාට පසු පුත්‍රයාට විවාහ කරදීමට චීන කාන්තාවක් 11 හැවිරිදි දැරියක් පැහැරගෙන

වැඩිවියට පත්වූවාට පසු පුත්‍රයාට විවාහ කරදීමට චීන කාන්තාවක් 11 හැවිරිදි දැරියක් පැහැරගෙන

මවට - පුතාට මාස 31ක සිරදඬුවම්

by sachintha
May 9, 2024 1:00 am 0 comment

වැඩිවියට පත්වීමෙන් පසු සිය පුත්‍රයාට විවාහ කර දීමේ අරමුණින් චීනයේ යූනාන් ප්‍රාන්තයේ ලියුපන්ෂියු ප්‍රදේශයෙන් 11 හැවිරිදි දැරියක පැහැරගෙන ගිය කාන්තාවකට සහ ඇගේ පුත්‍රයාට ප්‍රාන්ත අධිකරණය මගින් මාස 31 බැගින් සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලියුපන්ෂියු නුවර ගම්මානයකදී දැරිය දැකීමෙන් පසු සිය 27 හැවිරිදි පුත්‍රයාට ඇය විවාහ කරදීමට දැරියගේ මාපියන්ට යෝජනා කර ඇති අතර, ඇගේ මාපියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුත්‍රයා සමඟ එක්ව දැරිය පැහැරගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය වසරේ දෙසැම්බරයේදී මව සහ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ වනවිට ඇය දින 4ක කාලයක් ඔවුන්ගේ නිවෙසේ සිරකර තිබු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

වසර 1950 දී චීනයේ විවාහ පනතින් ළමා විවාහ තහනම් කරනු ලැබුවත් එරට ධනවත් පවුල්වල විවාහ වන වයසේ පසුවන පිරිමින් සඳහා ග්‍රාමීය පළාත්වල දිළිඳු පවුල්වලින් ළාබාල දැරියන් මිලදී ගැනීම් ද, වැඩිවියට පත්වීමෙන් පසු සිය පුතුන්ට විවාහ කරදීමට දිළිඳු දැරියන් රැගෙන හදා වඩා ගැනීම් ද බහුලව සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT