Home » හංගේරියාවට ආපු චීන ජනපතිට පාන් සහ ලුණු

හංගේරියාවට ආපු චීන ජනපතිට පාන් සහ ලුණු

by chanaka
May 9, 2024 12:18 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං සිය හංගේරියානු නිල සංචාරය අරඹයි.

එරට ජනාධිපති Sulyok Tamas සහ අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟාවිය.

ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය එරට ගුවන් සීමාවට ඇතුළු වූ පසු එහි ආරක්ෂාව සඳහා පරිවාර ගුවන් යානා දෙකක් ද යොදවා තිබිණ. හංගේරියානු අග්‍රාමාත්‍යවරයා, එම ආර්යාව, විදේශ අමාත්‍යවරයා සහ රජයේ උසස් පෙළේ නිලධාරීහු පිරිසක් ගුවන් තොටුපොළේ දී චීන ජනපති සහ ආර්යාව හරසරින් පිළිගත්හ.

කුඩා දරුවන් දෙනෙකු ජනාධිපති ෂී ජින් පිං සහ ආර්යාව වෙත පාන් සහ ලුණු ප්‍රදානය කර සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව එරටට පිළිගනු ලැබීම ද විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT