Monday, May 20, 2024
Home » ලාංකික තරුණයෙක් නෝර්වේහිදී අවාසනාවන්ත ලෙස මිය යයි

ලාංකික තරුණයෙක් නෝර්වේහිදී අවාසනාවන්ත ලෙස මිය යයි

by chanaka
May 9, 2024 12:38 pm 0 comment

නෝර්වේ රාජ්‍යයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටි පුද්ගලයෙක් පිළිබඳව නෝර්වේ පොලිසිය ඊයේ (08) තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ගිය නෝර්වේ පොලිස් නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ මළ සිරුරේ කොටස් පරීක්ෂාවට ලක් කිරීමේදී භාගෙට පිලිසී ගිය හැඳුනුම්පතක් හමුවී ඇති බව සඳහන් කෙරේ.

එහි සදහන් තොරතුරුවලට අනුව මියගොස් අත්තේ යාපනයේ පදිංචි දෙදරු පියෙකු වන අරසරත්නම් දුෂ්‍යන්තන් බවට හදුනාගෙන ඇත.

මියගිය පුද්ගලයා මීට වසර 6 කට ඉහතදී රැකියාවක් සඳහා නෝර්වේ රාජ්‍යයට ගොස් ඇති අතර බිරිඳ හා දරුවන් දෙදෙනාද යාපනයෙන් එරටට රැගෙන ගොස් එහි ජීවත් වෙමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී තිබේ.

මෙම මරණය සියදිවි හානි කර ගැනීමක්ද එසේ නොමැති නම් ඝාතනයක්ද යන්න පිළිබදව තොරතුරු මෙතෙක් අනාවරාණය වී නොමැති අතර නෝර්වේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT