Monday, May 20, 2024
Home » මන්ත්‍රී විමල්ගේ ‘රාම රාවණා සහ විභීෂණ නූතන කතාව’ ජනගත කිරීම 12දා

මන්ත්‍රී විමල්ගේ ‘රාම රාවණා සහ විභීෂණ නූතන කතාව’ ජනගත කිරීම 12දා

by sachintha
May 9, 2024 1:28 am 0 comment

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතියක් වන ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ ජනගත කිරීම මේ මස 12 වැනිදා පස්වරු 3:00ට කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදු වෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව රචනා කර ඇති මේ කෘතිය ජනගත කිරීමේ උලෙළෙහි කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.
නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT