Monday, May 20, 2024
Home » අමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනය Keizer University සමඟ එක්වෙයි

අමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනය Keizer University සමඟ එක්වෙයි

by sachintha
May 9, 2024 1:28 am 0 comment

මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන දෙහිවල, American College of Higher Education (ACHE) පෞද්ගලික අධ්‍යාපනයේ යෝධ පිම්මක් පනී. මේ අනුව (ACHE) ආයතනය Keizer University හි ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්වූ අතර ඒ බැව් පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. Keizer University ආයතනය Florida, USA, ජාතික වශයෙන් ශ්‍රේණිගත කරන ලද විශ්වවිද්‍යාලයකි.

මෙම පියවර ශ්‍රී ලාංකික සිසුන්ට අමෙරිකානු උපාධියක පළමු වසර දෙක මෙහිදී ශ්‍රී ලංකාවේදී හැදෑරීමට හැකි වන අතර ඉතිරි වසර දෙක අමෙරිකා එක්සත් ජනපදයේ Keizer University හි සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙයි.

මෙම අනුබද්ධය ශ්‍රී ලාංකික සිසුන්ට සැලකිය යුතු අඩු වියදමකින් ශ්‍රී ලංකාව තුළ හොඳින් පිළිගත් එක්සත් ජනපද උපාධි ආරම්භ කිරීමට සුවිශේෂී ප්‍රතිලාභයක් නිර්මාණය කරයි. මෙය අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමේ පිරිවැයෙන් 80%ක් දක්වා ඉතිරි කර ගත හැකිය.

මේ පිළිබඳව නිල වශයෙන් දැනුම්වත් කිරීම පසුගියදා දෙහිවල පිහිටි අමෙරිකානු උසස් අධ්‍යාපන විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වූ අතර අමෙරිකානු එක්සත් ජනපදයේ Florida හි Keizer විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර උපකුලපති ආචාර්ය Yan Luo Beitler මහත්මිය ප්‍රධාන ආරාධිතයා විය. මෙරට අමෙරිකානු උසස් අධ්‍යාපන පාසලෙහි නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී Sherryn Yaseen මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම හඳුන්වාදීමේ උත්සවය ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය සිසුන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිසකගෙන් සමන්විත විය. මෙහි උපාධි අපේක්ෂකයින්ට අමෙරිකා එක්සත් ජනපදයේ පිළිගත් විශ්වවිද්‍යාල 4000කට හෝ කැනඩාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ මැලේසියාව යන විශ්වවිද්‍යාල වෙත මාරුවීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයයි.

Keizer විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර උපකුලපති ආචාර්ය Yan Luo Beitler මහත්මිය සඳහන් කළේ ÒKeizer විශ්වවිද්‍යාලය 2023 දී U.S. News & World Reports හී සමාජ සංචලනය සඳහා U.S. හි අංක 1 ශ්‍රේණිගත කර තිබේ. මෙයින් අදහස් කරන්නේ සහභාගී වන සිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා හොඳම විශ්වවිද්‍යාලය එය බවයි. KU තවදුරටත් ශිෂ්‍යයෙකුට වසරකට US $16,000 දක්වා විවිධ වර්ගයේ ශිෂ්‍යත්ව හතරක් ලබා දෙන බවයි. මෙමඟින් දැරිය හැකි මිලකට අමෙරිකානු අධ්‍යාපනයට ප්‍රවේශ වීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරනවා.Ó

මෙරට අමෙරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලය 1995 දී Broward විද්‍යාලය සමඟ මුලින් අනුබද්ධ වූ අමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනය USA’s Accreditation Body- දක්‍ෂිණ විද්‍යාල සහ පාසල් සංගමයේ (COCSACS) විද්‍යාල පිළිබඳ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පළමු දේශීය අධ්‍යාපන ආයතනයයි. නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ෂෙරින් යසීන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ ACHE විසින් සිසුන් 5000කට අධික සංඛ්‍යාවක් ලොව පුරා ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වෙත සාර්ථකව යොමු කර ඇත. දෙහිවල මණ්ඩපයට අමතරව ACHE හි ශාඛාවක් මහනුවර සහ මීගමුව, ගාල්ල සහ කුරුණෑගල යන ස්ථානවල ද ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT