Home » නිපෝන් වෙතින් ප්‍රතිලාභ රැසක්

නිපෝන් වෙතින් ප්‍රතිලාභ රැසක්

by sachintha
May 9, 2024 1:27 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන නිෂ්පාදන සමාගමක් වන නිපොන් පේන්ට් ලංකා සමාගම විසින් උත්සව සමයේදී තම ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා ආරම්භ කරන ලද ප්‍රවර්ධන වැඩසටහන හරහා දැනටමත් අතිවිශාල මුදලක් දිවයින පුරා විසිරී සිටින නිපොන් පාරිභෝගිකයන් රැසක් අතර බෙදා දී ඇත.

“නිපොන් තීන්ත සමඟින් මුදල් ත්‍යාග දිනාගන්න” යන තේමාව යටතේ අප්‍රේල් 1 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන මෙම මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් නිපොන් තීන්ති මිල දී ගෙන නිවෙස් හැඩ වැඩ කරගන්නා සෑම පාරිභෝගිකයෙක්ටම මෙම තරගයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. අදාළ ප්‍රදේශයේ නිපොන් පේන්ට් වෙළෙඳ නියෝජිතයන්ගේ සම්බන්ධීකරණය යටතේ නිපොන් පේන්ට් ලංකා සමාගමේ නිලධාරීන් විසින් ජයග්‍රාහී පාරිභෝගිකයාගේ නිවෙසටම ගොස් ඔහු සිය නි‍ෙවසට නිපොන් තීන්තම අලේප කර ඔහුට හිමි මුදල් ත්‍යාගය එවලේම පිරිනමනු ලබයි.

නිපොන් පේන්ට් මිල දී ගන්නා පාරිභෝගිකයන් හට ප්‍රතිලාභ ලබා දී නිෂ්පාදන අලෙවිය ඉහළ නංවා ගැනීම සඳහා දියත් කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක වෙයි.

නිපොන් පේන්ට් ලංකා යනු තීන්ත සහ ආලේපන කර්මාන්තයේ නව්‍යකරන විසඳුම් සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන NIPSEA සමූහයේ සාමාජිකයෙකි’ සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටා ඇති NIPSEA සමූහය ගෝලීය ස්ථාන 22ක් කේන්ද්‍ර කරගනිමින් සමාගම් 135ක් සමඟින් නිෂ්පාදන සහ විකුණුම් ආදායම යන අංශ දෙකෙන්ම ආසියා පැසිෆික් කලාපයේ අංක එකේ තීන්ත සහ අලේපන නිෂ්පාදකයා බවට පත්ව ඇත.

වසර 140කට වඩා වැඩි අඛණ්ඩ වර්ධනයකින් අනතුරුව NIPSEA සමූහය මේ වන විට නිෂ්පාදන පහසුකම් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 102ක් සහිතව සේවකයන් 27,000කට අධික සේවක සංඛ්‍යාවකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදන ක්‍රියාවලියේ සිට පාරිභෝගික තෘප්තිය දක්වා වූ ව්‍යාපාරයේ සියලුම අංශ අතිශය කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට කැපවී සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT