Monday, May 20, 2024
Home » පාකිස්තානයට උප අගමැතිවරයෙක්

පාකිස්තානයට උප අගමැතිවරයෙක්

by sachintha
May 9, 2024 1:25 am 0 comment

පාකිස්තානයේ උපඅගමැතිවරයා ලෙස විදේශ ඇමැති 73 හැවිරිදි ඉෂාක් ඩාර් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොවූවද උපඅගමැතිවරයකු පත් කිරිමට හවුල් රජය පියවර ගෙන ඇත්තේ නවාස් ශෙරීෆ්ගේ පාර්ශ්වයේ යෝජනාව පරිදි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර 1971 දෙසැම්බරයේදී දින 13ක කාලයකට සුල්ෆිකාර් අලි භූතෝ ද, අනතුරුව 2012 ජූනි මස සිට 2013 මාර්තු මාසය දක්වා චවුද්රි පර්වේස් එලාහි ද පාකිස්තානයේ නියෝජ්‍ය අගමැතිවරු ලෙස කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පූර්ණ බලතල සහිත අගමැතිවරයකු සිටියදී පාකිස්තානයට උපඅගමැතිවරයකු පත් කිරීම පිළිබඳ එරට විපක්ෂය ඇතුළු බොහෝ පුද්ගලයන් ප්‍රශ්න කර ඇතැයි ද, රටේ අර්බුද රැසක් පවතින අවස්ථාවක උපඅගමැතිවරයකු පත් කිරීමේ අවශ්‍යතාව ගැටලු සහගත බව ද විපක්ෂය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මුදල්, ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව නව උපඅගමැතිවරයාට හිමි වී ඇතැයි ද, එරට හමුදාව සම්බන්ධ කටයුතුවලදී ද බලපෑම් කිරීමට උපඅගමැතිවරයාට බලතල ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. අගමැති ශෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් යුතු පාකිස්තාන හවුල් රජය ඉදිරියේදී එවැනි නව තනතුරු රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT