Monday, May 20, 2024
Home » BACK TO LAW COLLEGE නීති විද්‍යාලයීය 150 වැනි සංවත්සර නිල සැමරුම-සුහද හමුව ජූලි 6

BACK TO LAW COLLEGE නීති විද්‍යාලයීය 150 වැනි සංවත්සර නිල සැමරුම-සුහද හමුව ජූලි 6

by sachintha
May 9, 2024 1:06 am 0 comment

 

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 150 වැනි සංවත්සරය එළඹෙන ජූලි 6 ‍දින උත්සවාකාරයෙන් පැවැත්වීමට BACK TO LAW COLLEGE සංවිධායක කමිටුව කටයුතු සංවිධානය කර තිබේ. ඒ සම්බන්ධ එළිදැක්වීම සහ නිල ටිකට් පත දොරට වැඩීමේ අවස්ථාව ඊයේ (8) කොළඹ නීති විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී සංවිධායක කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, සම සභාපති ජනාධිපති නීතිඥ කුවේරා ද සිල්වා, උත්සව සංවිධායක නීතිඥ අමල් ඒ. රන්දෙණිය යන මහත්වරුන් විසින් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන් වෙත ඇරියුම්පත් පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදි සිසුන් කිහිප දෙනකු විසින් සංවිධානය කර ඇති මේ උත්සවයේ නිල සැමරුම් උත්සවය ජූලි 6 වන දින ශ්‍රී ලංකා නීති විද්‍යාල පරිශ්‍රයේදී සවස 3.30 සිට 5.30 දක්වා පවත්වනු ඇත. අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ සුහද හමුවක් සවස 6.30 සිට මේට්ලන්ඩ් ක්‍රෙසන්ට්හි CH&FC පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වසර1874දී ආරම්භ කරන ලද ලංකා නීති විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම වෘත්තීය ආයතනය වන අතර, එය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකට පදනම වී තිබේ.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති බුවනෙක අළුවිහාරේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක යන මහත්වරුන්, විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥවරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – රංජිත් අසංක

 

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT