Monday, May 20, 2024
Home » වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවාට පිරිනැමෙන සම්මානය එළිදැක්වේ

වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවාට පිරිනැමෙන සම්මානය එළිදැක්වේ

by sachintha
May 9, 2024 1:06 am 0 comment

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පිරිනැමීමට සැලසුම් කර ඇති වසරේ විශිෂ්ටතම ඉංජීනේරුවරයා සඳහා වන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානයේ නිල එළි දැක්වීම එම ආයතනයේ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පෙරේදා (07) සවස පැවැත්විණි.

මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කළ යාවත්කාලීන ඉංජිනේරුවන් වෙනුවෙන් මෙම සම්මානය හඳුන්වා දී ඇති අතර සම්මානයට සුදුසුකම් ලබන ඉංජිනේරුවරයා සඳහා ත්‍යාග මුදලක් සමඟ පදක්කමක්ද පිරිනැමේ.

යෝජිත සම්මානය මඟින් ආදර්ශවත් කැපවීමක් ඇති නවෝත්පාදන, සම්පත්දායකත්වය, යහපාලනය, සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසරය සඳහා වූ කැපවීම වැනි ගුණාංග සහ තිරසර බව සැමවිටම යහපත් ආචාර් ධර්ම භාවිතයන් පිළිපදින ප්‍රායෝගිකත්වය තුළින් ශ්‍රී ලංකාවට දායක වූ විශිෂ්ට ඉංජිනේරුවරයකු ඇඟයීමට ලක් කෙරේ.

ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි යාවජීව සාමාජිකයකු වන අතර ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරුවෙකි. ඉංජිනේරු වෘත්තිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන මෙවැනි සම්මානයක් ලබාදීමට ඒ මහතා කටයුතු කර තිබේ.

සම්මාන සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, අංක 120/15, විජේරාම මාවත, කොළඹ 7 ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.iesl.kl වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර අයදුම්පත් භාර ගැනීම 31 දායින් අවසන් වේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු (මහාචාර්ය) රංජිත් දිසානායක, ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම්, සම්මාන කමිටුවේ සභාපති ඉංජිනේරු පියල් ද සිල්වා, ඉංජිනේරු ලලිත් කහටපිටිය, ඉංජිනේරු නීල් අබේසේකර මහත්වරුන් ඇතුළු පිරිස නව සම්මානය හඳුන්වා දුන් මොහොත.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT