Monday, May 20, 2024
Home » ගෑස් ටැංකි ගෙනගිය කන්ටේනරය පෙරැළිලා

ගෑස් ටැංකි ගෙනගිය කන්ටේනරය පෙරැළිලා

by sachintha
May 9, 2024 1:08 am 0 comment

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නැව්ගල ප්‍රදේශයේ දී හිස් ගෑස් ටැංකි ප්‍රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක් රියැදුරුට නින්ද යාමෙන් ඊයේ (08) අලුයම මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරැළී තිබේ.

මෙම අනතුරින් රියැදුරු සුළු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය. මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචිව සිටින 43 හැවිරිදි රියැදුරෙකි.

අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය කියා සිටියේ නුවරඑළියේ සිට කඩුවෙල දක්වා කන්ටේනර් රථයකින් හිස් ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් ඊයේ අලුයම වරකාපොළ පොලිස් වසමේ නැව්ගල ප්‍රදේශයේ දී රියැදුරුට නින්ද යාමෙන් මාර්ගය අසල තිබුණු ගස් දෙකක කන්ටේනර් රථය වැදී විදුලි කණුවක ගැටී අසල තිබුණු අඩි 20ක් පමණ පහළ ඇළකට පෙරැළී ගොස් ඇති බවත්ය. අනතුර සිදුවන අවස්ථාවේ දී රිය සහායකයාට ද නින්ද ගොස් සිට ඇති බව අනාවරණය වී තිබේ.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT