Monday, May 20, 2024
Home » ජාඇළ ප්‍රාදේශීය සභා පිලට අන්තර් ආයතන එල්ලේ ශූරතාවක්

ජාඇළ ප්‍රාදේශීය සභා පිලට අන්තර් ආයතන එල්ලේ ශූරතාවක්

by sachintha
May 9, 2024 1:16 am 0 comment

යුද හමුදා වැගනර්ස් එල්ලේ කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූ පර්ල් ක්‍රිෂාන්ත පළමු ගුණානුස්මරණ අන්තර් ආයතන කණ්ඩායම් ‘6’ එල්ලේ තරගමාලාවේ ශූරතාව හිමි කරගැනීමට ජාඇළ ප්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම පසුගියදා (6) සමත් විය. ඒ කුරණ මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී යුද හමුදා වැගනර්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි. මෙහිදී තරගමාලාවේ ශූරයා ලෙස වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ජාඇළ ප්‍රා/සභාවේ සංජය වික්‍රමතිලකද, වැඩිම උඩපන්දු ජාඇළ ප්‍රා/සභාවේ ප්‍රසාද් උදය කුමාරද, හොඳම කඩඉම් පාලක ජාඇළ ප්‍රා/සභාවේ චතුර අප්පුහාමිද, හොඳම ධාවකයා යුද හමුදා වැගනර්ස් කණ්ඩායමේ ශෂික ලක්මාල්ද සම්මාන හිමි කරගත්හ. ජයග්‍රාහි ජාඇළ ප්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම ශූරතා කුසලාන සමඟ සේයාරුවකට පෙනී සිටියේ මෙලෙසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT